
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පැවති අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබේ.
බදුල්ල සිට කොළඹ බලා අද (1) අලුයම 5.45 ට ගමන් ආරම්භ කරමින් ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය එහි රියදුරු විසින් දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබූ ස්ථානය ඈතදීම දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය මගීහූ පැවසූහ .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මේ නිසා අද (1) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තැබූ බවත් ,බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හාලිඇල -උඩුවර දුම්රිය ස්ථානඅතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබෙන ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය බළධාරීහූ කීහ .
දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන පස්කදු ගල්පර්වත ගස්කොලන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේය .



2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්දක් වැටී උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා