
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව ලබන 19 වැනිදා සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එහි පැමිණිල්ලට සහ අගතියටපත් පාර්ශවයට අද (14) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල සිදුකර ඇත්තේය ශ්‍රී ලංකා විවාහක රූ රැජින රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසිනි.
මෙහි කරුවන් දෙදෙනා වන්නේ, ලෝක විවාහක රූ රජින කැරලයින් ජුලි සහ නිරූපණ ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රන් යන අයවලුන්ය.
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියන් දෙදෙනා සහ පැමිණිලිකාරිය අද (14) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd