(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පසුගිය වසරේදී (2021) රුපියල් දාහතර කෝටි පනස් ලක්ෂයකට වැඩි ලාභයක් උපයා ගෙන ඇත.
කාලයක් තිස්සේ පාඩු ලැබූ ආයතනයක් වන එම මණ්ඩලය 2019 වර්ෂයේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි 32 කට වැඩිය.
ජාතික පශු සම්පත් මණ්ඩලය 2019 වර්ෂයේදී විවිධ ණය හිමියන්ට රුපියල් කෝටි 60කට වැඩි මුදලක් ණයවී සිටි අතර එම ණය ප්‍රමාණය 2022 අප්‍රේල් 30 වැනි දිනට කෝටි 28ක් දක්වා අඩු කරගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර එම ආයතනය 2017,2018 සහ 2019 යන වර්ෂවලට අදාල අවසාන ගිණුම් සකස් කර නොතිබූ අතර මේ වනවිට 2021 වර්ෂය දක්වා සියලු වර්ෂවල ගිණුම් සකස් කර අවසන් කර ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටියදී ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහා පත් කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය වසර දෙකක සේවා කාලයෙන් පසු පසුගිය අගෝස්තු මස ඉල්ලා අස්විය. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරුණේ 2020 ජනවාරි මස 3 වැනිදාය.
එම කාලයේදී ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පශු සම්පත් මණ්ඩලයට කෝටි දාහතරක ලාභයක්
Hafeel Wednesday, 14 September 2022 04:17 PM
හැබැයි කෝප් කමිටුවට ඇවිල්ලා පාඩුයි කියලා කියන්න බැහැ.