(සිතුම් චතුරංග)
වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ නිවසක් අසළ පීවීසී බටයක් තුළ ආරක්ෂිතව සඟවා තිබූ කඩු 2ක් සමඟ මාළු ව්‍යාපාරිකයකු අද(30) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
මෙම කඩු දෙක නිවස ඉදිරිපිට තිබූ කසළ කානුවක සඟවා තිබූ බව පොලිසිය පවසයි.
වවුනියාව නෙලූක්කුලම පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී කඩු දෙක හමු වූ බව පොලිසිය කියයි.
අඩි තුනක් පමණ දිගින් යුත් මෙම කඩු දින කිහිපයකට පෙර මුවහත් කොට සඟවා තිබූ බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකි.
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කඩු ගොඩක්නේ හමුවෙන්නේ. වෙසක් කාලේ මේ විනාසය සිදුවුනා නම්, ලෝකයේ ලොකුම යුද්දයක් වෙනවා. පන්සල් ඇතුල, වටපිටාව, ඉන්න සෙනග, අපේ රටේ සියලුම ජනයාව බේරාගත්තේ අප වෙනුවෙන් දුක් විද කුරුසේ දිවි පිදු යෙසුස්වහන්සේ. ඒකයි පාස්කු ඉරිදා දිනයේ මෙය සිදු වුනේ, ඔබට කෝටි වාරයක් ස්තුති පියාණනි. ඒ වගේම හැම අවි ආයුධත් සමග සියලුම ත්‍රස්තයින් නීතියේ රැහැනට හසුකර දෙන්න.