සබන්, දන්තාලේප, ෆෙස් ක්‍රීම්, ෆෙස් වොෂ් සහ සුවතා පානය (ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු භාවිත කර නිපදවා ඇතැයි හේමාස් මැනුෆැක්චරින් සමාගම කියයි. ආයුර්වේද විශේෂඥයන්ගේ අනුමැතිය සහිත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරන සම්පූර්ණ හෙළ ඔසු පෞද්ගලික සත්කාරක නිපැයුම් පෙළක් ලෙස හඳුන්වා දිය හැකියැයිද එම සමාගම කියයි.
හෙළ ඔසු අවශ්‍යතාව කෙතරම් තදින් දැනුණ ද, වර්තමාන ජනතාව තුළ හෙළ ඔසු පිළිබඳ පවතින අවම දැනුම සහ ඒවා සොයා ගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වී ඇති බවත් එය හොඳින් අවබෝධ කරගත් හේමාස් ආයතනය ප්‍රාසාර නිපැයුම් පෙළ හඳුන්වා දීමට කටයුතු කළේ ඊට විසඳුමක් ලෙසින් බවද එම සමාගම කියයි.
ප්‍රාසාර පවුලේ සියලු දෙනාට ම සරිලන පරිපූර්ණ සෞඛ්‍යාරක්ෂිත හෙළ ඔසු සමන්විත නිෂ්පාදන පෙළක් ගෙන එයි. ප්‍රාසාර යන්නෙහි තේරුම වන්නේ ‘ප්‍රාණයට සාරයක්‘ යන්නයි. මෙම නිෂ්පාදන පෙළ මගින් සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩි දියුණු කරමින්, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ජීවිතවල නිරෝගී සමතුලිතතාව ආරක්ෂා කිරීම හේමාස් සමාගමේ අරමුණයි.
ශ්‍රී ලංකාවට ම ආවේණික වූ හෙළ ඔසු භාවිතයෙන් නිපදවන සුවිශේෂී ප්‍රසාර සාරය ශරීරයේ ස්වාභාවික සමතුලිතතාව යථාතත්ත්වයට පත් කිරීම සඳහා උපකාරී වේ. එමෙන් ම එම නිෂ්පාදනය වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ඇතුළු සමස්ත පවුලටම ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පවුලට සරිලන නිෂ්පාදන පෙළක් ‘ප්‍රාසාර‘ සන්නාමයෙන්