
(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක බලපැවැත්වෙන අධික නියඟ තත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව හැට දහස් නව සිය අනූවක් (60900) දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.
මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ දස දහස් හත් සිය අනූ අටකි.
උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින මෙම පිරිස අයත් වන්නේ රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව්, වව්නියාව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ මාතලේ යන දිස්ත්‍රික්කවලටය.
ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින වැඩිම පිරිස අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ විපතට පත්ව සිටින පවුල් සංඛ්‍යාව 21999කි. ඊට ඇතුළත් වන පුද්ගලයන් ගණන 70238 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පානීය ජලය දිගින් දිගටම බෙදා හරිමින් සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ඒ සඳහා බවුසර් දෙසීයකට වැඩි ප්‍රමාණයක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර ජලය අර පරිස්සමින් පරිහරණය කරන ලෙසත් වාහන උදේ සවස සේදීමෙන් වළකින ලෙසත් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජල කරාම බාගෙට ඇර වතුර ගැනීමට පෙළඹිය යුතු බවත් රෙදි සෝදන යන්ත්‍ර වලින් සේදීම හැකිතාක් අඩු කිරීම වැදගත් බවත් ඔහු පැවසුවේය.
ජල කරාම වලින් දිය නෑමේදී අඩු වේලාවක් ගත කර ඒ කටයුතු කර ගැනීමට පෙළඹිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර ජල හිඟය හේතුවෙන් වන සතුන් ප්‍රචණ්ඩ වී ගම්වදින තත්වයක් පවතින හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බව පැවසූ රණසිංහ මහතා විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශ වල වඳුරන් අනෙකුත් සතුන්ට සාපේක්ෂව ලොකු ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වමින් සිටින බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් හැටදාහක් අනාථයි