IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පවුල් සවිබල ගන්වන වැඩසටහනට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම පිණිස 2023-4-17 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු තුනක් ඇතුළත ආර්ථික සමාජය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රජය කියයි.

එම වැඩසටහනේ මූලික අදියර වශයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රතිලාභී පවුල් 16000ක් ඉලක්ක කර ගනිමින් ආසියා සංවර්ධන බැංකුව හා ලෝක බැංකු මූල්‍ය ආධාර සහ දේශීය අරමුදල් මගින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් එකී නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීම  සඳහා අදාල වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල  ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට්  මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (0)

පවුල් සවිබල ගන්වන වැඩසටහනට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site