(චාපා මධුභාෂිණි සහ සරත් නිශ්ශංක)
බකමූණ පොලිස් ස්ථානයේ පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපා විෂ්ඨ වී වගඋත්තරකරුවකුට තිබුණු ආයුදයකින් පහරදී ඇති අතර එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
තියුණු ආයුදයකින් පහරදුන් බව කියන වගඋත්තරකරු සැකපිට අත්අඩංගුවට ගත් බව බකමූන පොලිසිය කියයි.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමග පැනගොස් ඇතැයි කියමින් බකමූණ පදිංචිකරුවකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණිලිකරු සහ විත්තිකරුවන් දෙදෙනකු පොලිසියට කඳවා තිබූ අතර කාන්තා හා ළමා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු එකවිටම ඔහු සඟවා ගෙනවිත් තිබූ තියුණු ආයුදයෙන් එක් වගඋත්තරකරුවකුට පහදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd