
(ගයාන් සූරියආරච්චි)
කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාසලින්ගම් මනෝ හරන් නැමති අවුරුදු 37ක අම්බාල් නගර්, ශාන්ත පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
කිලිනොච්චිය තැපැල් කාර්යාලය ලියුම් බෙදෙන්නෙකු ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ රාජකාරියේ නියැලී සිටියදී සැකකරුගේ මවට සහ නැගණියට ඡන්ද පත්‍රිකා ලැබී ඇතිමුත් තමාට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බව පවසා ලියුම් බෙදන්නා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව සැකකරු ලියුම් බෙදන්නාට තර්ජනය කර ඔහු සතුව තිබූ පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගෙන පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
කිලිනොච්චය පොලිසියේ නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබූ ඡන්ද පත්‍රිකා තොගය සොයාගත් බව පොලිසිය කියයි.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් 34ක ඡන්ද පත්‍රිකා පැහැරගෙන
Maddumage Wednesday, 11 September 2024 01:28 PM
අද වෙනවිටත් අපිටත් නැත්තෙ ඇයි කියලා හිතෙනවා..