

(සුජිත් හේවාජුලිගේ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් මතුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
මේ අනුව දුම්රිය කාලසටහනට අනුව ගමන්වාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේය.
ඉකුත් 2023 වසරේදී 106ක් ලෙස පැවති දුම්රිය එන්ජින් සංචිතය 98ක් දක්වා අඩුවී ඇති අතර, එන්ජින් 8ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
2023 වසරේ දුම්රිය ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම සඳහා එන්ජින් 74ක් අවශ්‍යව තිබූ නමුත්, ධාවනයට සුදුසු තත්ත්වයේ තිබුණේ එන්ජින් 68ක් පමණක් කියන චාමර මහතා එම සංඛ්‍යාව මේ වනවිට තවත් පහත වැටී ඇතැයි ප්‍රකාශ කළේය.
ධාවනයට සුදුසු එන්ජින් සංඛ්‍යාව 49ක් දක්වා අඩුවී තිබෙන බවද හේ සඳහන් කළේය.
මේ අතර, 2023 වසරේදී බලවේග කට්ටල 109ක් සංචිතයේ පැවති නමුත් එය 106ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ. බලවේග කට්ටල තුනක් භාවිතයෙන් ඉවත් කර ඇති අතර, දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා බලවේග කට්ටල 88ක් අවශ්‍ය බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ 2023 වසරේදී ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ බලවේග කට්ටල 78ක් මේ වනවිට 52ක් දක්වා පහත වැටී ඇති බවයි.ඒ අනුව බලවේග කට්ටල 26ක හිඟයක් පවතින බව සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd