
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.
ඔවුනට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
ලේඛකයකු,විචාරකයකු හා මාධ්‍යවේදියකු වන ප්‍රියාන්.ආර් විජේබණ්ඩාර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපති ලෙස පත් කර ඇත.
ආචාර්ය අනුෂ්කා කහඳගමගේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ, මාධ්‍යවේදිනී මහීෂා මුදුගමුව සහ මාධ්‍යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් යන මහත්ම මහත්මීහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්වීම ලද සියලු දෙනාට සුබ පැතුම්! රන්වල කතානායකගේ හොර ආචාර්ය උපාධිය ගැන කතා නොකළේ නම් මාලිමා කරුවන් මෙම මණ්ඩලයට පත් කරන්නේ ඔවුන්ගේම න්‍යායාචාර්ය වරයකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරියි. කට වරද්දා ගැනීම නිසා ඔහුට එය අහිමි විය...!