(ජයන්ත සමරකෝන්)
මහරගම අපේක්ෂා රෝහල මෙතෙක් ප්‍රයෝජනයට නොගත්, විකිරණ යන්ත්‍ර තුනක් අප්‍රේල් මාසයට පෙර වහා භාවිතයට ගන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට උපදෙස් දී තිබේ.
මෙම විකිරණ යන්ත්‍ර තුන රුපියල් කෝටි 120ක් පමණ වන අතර, 2014 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය මගින් විදේශ රටකින් ගෙන්වා තිබිණි.
මේ වනතෙක් එම යන්ත්‍ර කාඩ්බෝඩ් ආවරණයෙන් ඉවත් කර ප්‍රයෝජනයට ලබා නොගැනීම පිළිබඳව අමාත්‍යවරිය සිය විමතිය පළ කර තිබේ.
මෙම විකිරණ යන්ත්‍ර පරිහරණය සඳහා ට්‍රාන්ස්ෆෝමරයක් ඉදිකිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 31ක් වෙන්කර දීමටද අමාත්‍යවරිය කටයුතු කර තිබේ.
මෙතෙක් රෝහලේ විකිරණ පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත්තේ විකිරණ යන්ත්‍ර දෙකක් වන අතර එමගින් රෝගීන් 60දෙනෙකු දිනකට පරීක්ෂණයට ලක්කරන බව රෝහල් අධ්යක්ෂවරයා අමාත්‍යවරියට පෙන්වා දී තිබේ. නව යන්ත්‍ර තුන සවිකිරීමෙන් පසු රෝගීන් 150දෙනෙකු දිනකට පරීක්ෂණයට ලක්කිරීමේ හැකියාව ඇතැයිද අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නැතිම දේ මොකක්ද? වගකීම හෙවත් වගවීම. මේ කෝටි 120ක රාජ්‍ය දේපල පුස්කන්න හරින අතරේ පරීක්ෂණ පමාවීමෙන් අනතුරට පත්වූ රෝගී ජීවිතවලට වග කියන්නේ කව්ද? මේ අධ්යක්ෂ ලකුණු දාගන්න හිතාගෙන රාජිත ගැන ලොකු පැමිණිල්ලක් කළා නේද? කෝ වගකීම..? නව ජනාධිපතිවරයා රාජ්‍ය සේවය විධිමත් කරන්න උත්සාහ ගන්න බව පෙනෙනවා. ඒ සඳහා කළයුතු පළමු දේ තමයි වගකීමෙන් මිදෙන්නට රාජ්‍ය නිලධාරීන්ට හෝ දේශපාලුවන්ට දැන් තියෙන ඉඩකඩ අහුරා දැමීම...
අනේ මන්දා මට නම් පෙනෙන්නේ කාටදෝ කොමිස් කන්න අවශ්‍ය යටිතල පහසුකම් සපුරන්න කලින් යන්ත්‍ර ගෙනැල්ලා දාලා වගෙයි. ගෙයක් වුණත් බිත්ති බැඳලනේ වහල ගහන්නේ...
ඔය අධ්යක්ෂකයෙක්ම තමයි. කොමිස් තමයි ගන්නේ..
ඔය යන්ත්‍ර භාවිතයට නොගැනීමට ඔය වසන්ත දිසානායක කියන අධ්‍යක්ෂකවරයා සෘජුවම සම්බන්ධයි. ඔක්කෝටම කලින් ඔහුව සේවයෙන් නෙරපිය යුතුයි. මාධ්‍යවලට වරින් වර මුහුණ දාගෙන තමන්ට ලැබුණු ප්‍රසිද්ධිය අවභාවිතා කරමින් මොහු කලින් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ගෙන්වීමට මූලිකව කටයුතු කළ මොහොමඩ් කියන කෙනාටත් නිකරුණේ මඩ ගහනවා...
රටම පාලනය කරන්න හදන දොස්තර සංගමේ දෙන්නට මේක පෙනුනේ නැත්තේ?
මේ වෙදා ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොහු අනුන් එකතු කරන සල්ලි ගැන කතා කරනව තමන් යටතෙ ඇති යන්ත්‍ර සූත්‍ර පැත්තකට දාලා.
දෙයියනේ මිනිස්සු 150 කට පුලුවන්කම තියන් දවසට 60 යි.. අනේ අර දරු පැටව්.. මේවාට හේතු හොයලා සියලු දෙනාට දඩුවම් කළ යුතුයි..
පිළිකා රෝහල් අධ්‍යක්ෂකතුමා ආවේ 2016. මේ යන්තර වැඩ කරන්න ඕන කරන පහසුකම් යහපාල ආණ්ඩුවෙන් දුන්නේ නැහැ. එතුමා කොච්චර කිව්වත් 2014 ගෙන්නපු මෙම යන්ත්‍ර භාවිතා නොකර ඒ යන්ත්‍ර නැවත මිලදී ගැනීමට කියා සල්ලි එකතු කරනවා. මෙතුමා අඩු ගනේ පුද්ගලිකව සේවයවත් කරන්නේ නැහැ. මෙතුමාට බනින්න ඉස්සරලා හොයල බලන්න. 24 ම සේවය දෙන කෙනෙක්.