IMG-LOGO

පුවක් ලීයකින් පහර කෑ මිතුරා දින 4 කට පසු මියයයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී  මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුවක් ලීයකින්  පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය  පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ  හෝමාගම , පිටිපන දකුණ පදිංචි , මාතරගේ දොන් සුමිත් චන්දන නමැති  (40) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයින් දෙදෙනා  මිතුරන් දෙදෙනෙකු වන අතර දිනපතා එක් ව මත්පැන් පානයට පුරුදුව සිටි දෙදෙනකු බව පැවසේ .

ඒ අනුව මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පසුගිය 13 දා උදෑසන අනෙත් පුද්ගලයා පැමිණ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් පිටතින්  පැමිණි පුද්ගලයා  නිවසේ රැදී සිටි පුද්ගලයාට පුවක් ලීයකින් පහර දී පළා ගොස් තිබුණි .

පසුව පහර කෑමට ලක් වූ පුද්ගලයා පහරකෑම ඉවසාගෙන දින හතරක් සුපුරුදු පරිදි අධික ලෙස මත්පැන් පානය කරමින් කාලය ගතකර ඇතැයි පැවසේ.

මේ අතරතුරදී ඉකුත් 17දා උදෑසන  පහර කෑමට ලක් වූ පුද්ගලයා එක් වරම නිවසේ දී ඇද වැටී  සිහිසුන් වීම නිසා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබුණි .

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ සහෝදරිය හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කිරීමේදී  ඉකුත් 13 දා උදෑසන මියගිය පුද්ගලයාට ඔහුගේ මිතුරෙකු පැමිණ පුවක් ලීයකින් පහරදී පළායාමේ සිද්ධියක තොරතුරක් අනාවරණය වී තිබුණි .

පසුව සැකකටයුතු මරණයක් සේ සළකා   සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා හෝමාගම මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

එහිදී සිද්ධිය වූ ස්ථානය හා මෘතදේහය පරීක්ෂා කළ හෝමාගම මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසයි.

ඒ අනුව  මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහිදී සිදුකළ පශ්චාත් මරණ  පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඉලපත් ප්‍රදේශයට කළ පහර දීමකින් ,අස්ථි බිඳී යාමෙන්  වූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව බවයි.


ඒ අනුව මෙම මරණය පහරදීමෙන් සිදුකළ ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වීමත් සමග පහරදීම සිදුකළ හෝමාගම , පිටිපන පදිංචි (27) හැවිරිදි  පුද්ගලයා  නිවසක සැඟව සිටියදී ඉකුත් (17) දා සවස අත්අඩංගුවට ගෙන තිබේ .

පසුව පහරදීම සිදුකළ පුවක් ලීය  සමඟ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි විමර්ශන පවත්වති .

 
 



අදහස් (1)

පුවක් ලීයකින් පහර කෑ මිතුරා දින 4 කට පසු මියයයි

suneth Monday, 18 July 2022 10:10 AM

අරගලකරුවන් රටේ තියෙන කසිප්පු ප්‍රශ්නේ ගැන මොකද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 68 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site