IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරුට

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලා යාමට උත්සාහ කළ තරුණයෙකු කුරුණෑගල වැවේ ගිලීමෙන් අද (19) දහවල්  මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

මියගිය තරුණයා කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි.

කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල පිටුපසින් පිහිටි කුරුණෑගල වැව් බැම්ම කොටසේ පාගමනින් යමින් ආරක්ෂක කටයුතු වල නිරත පොලිස් නිලධාරීන් පිරිසක් දුටු තරුණයන් දෙදෙනෙකු පලා යාමට පටන් ගෙන ඇත.

ඒ බව දුටු පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා පසුපස පන්නා ගොස් එක් තරුණයෙකු දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇතත් ඔහු පොලිස් නිලධාරීන් සමඟ පොර බදා බේරීම සඳහා කුරුණෑගල වැවට පැන ඇති බව පොලීසිය සඳහන් කරයි.

වැවට පැන්න තරුණයා ස්වල්ප වේලාවකින් දියේ ගිලී ගොස් ඇති අතර සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණ ඇති පොලිස් ජීවිතාරක්ෂක භටයන් පැයක පමණ සෝදිසියකින් පසුව දියේ ගිලී සිටි තරුණයා බේරාගෙන ඇතත් ඔහු ඒ වනවිටද දියේ ගිලීමෙන් මරණයට පත්ව සිටි බවද පොලීසිය කියයි.

තරුණයා දියේ ගිලුනු ස්ථානය අඩි 16 ක පමණ ගැඹුරක් සහිත වැවේ ඉතා අවදානම් ස්ථානයක් බව තරුණයාගේ සිරුර ගොඩ ගැනීමට කටයුතු කළ කුරුණෑගල පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ නායක උප පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

තරුණයා ගොඩට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ දකුණු අතේ සිර කරගෙන තිබූ ඊයම් කොළයක දවටන ලද මත්කුඩු සුළු ප්‍රමාණයක්ද හමුවූ බව පොලීසිය සඳහන් කළේය. 

මියගිය තරුණයාගේ සිරුර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (1)

පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරුට

මංජුල Saturday, 20 August 2022 09:05 PM

අකාලයේ මියගිය තරුණ ජීවිතයක් මියගිය කෙනෙක්ට අපහාස කරන්න එපා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site