IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසියෙන් බේරෙන්න 10,000 දෙන්න ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සතුන්ට හිංසා  වන පරිදි එළුවන් 60 දෙනකු ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ රුපියල් 10,000ක අල්ලසක් දීමට උත්සහ කර ඇතත් වැටලිම කළ උප පොලිස් පරීක්ෂකවරයා එය ප්‍රතික්ෂේප කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

අල්ලස් මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් දෙදෙනා එළුවන් හැට දෙනාද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා විසිනි

උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා කන්තලේ හබරණ මාර්ගයේ රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටියදී සැකකටයුතු ලොරියක් දැක එය නතර කර ඇත. ලොරි රථයේ එළුවන් 60 දෙනෙකු පමණ පටවා සිටින අයුරු දැක සත්ව හිංසා පනත යටතේ එම ලොරි රථයේ සිටි දෙදෙනා සැකපිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ

මෙහිදී එක් සැකකරුවකු උප පොලිස් පරීක්ෂකවරයාට රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බව පවසා එළුවන් සමග ලොරි රථය මුදාහරින ලෙස ඉල්ලීමක් කර ඇතත් උප පොලිස් පරීක්ෂකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර රථයේ සිටි දෙදෙනා එළුවන් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

කන්තලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඩබ්ලිව් එල් වික්‍රමරත්න මහතාගේ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

 



අදහස් (1)

පොලිසියෙන් බේරෙන්න 10,000 දෙන්න ගිහින්

Lalla Friday, 10 March 2023 09:31 AM

සතුන් කූඩුවල දමා උන් අඳෝනා නගමින් කෑගස්සමින් අසල්වැසියන්ට කරදර කිරීම නවත්තන්න පුලුවන්ද? හරිම දුකක් බල්ලන්ට සහ අපිට. පරණ හමුදා නිලධාරියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site