
( ෂේන් සෙනෙවිරත්න )
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හානි සිදු වී ඇති බව පොලිසිය කියයි .
පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයකු බව කියන එම පොලිස් කොස්තාපල්වරයා මැතිවරණ විශේෂ රාජකාරී සඳහා යාමට පෙර ලබාදුන් ගිනි අවිය පරීක්ෂා කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී එහි තිබූ උණ්ඩයක් පිටව ගොස් තිබේ .
ගිනි අවිය ඉහළට ඔසවා තිබියදී එය ක්‍රියාත්මක වීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර යම් හෙයකින් එය වෙනත් දිශාවකට යොමුව තිබුණේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd