( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිටකොටුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් ඇතුළු එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මරදානබපොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 600 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇත සැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ උප පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා නාරහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත්ව ඇත
ඊට මඳ වේලාවකට පෙර හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකු එම කලබලය මැද පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියත් දැන් මන්දපෝෂණය හැදිලා වගේ .ගෑනුත් ගහව්නා .පොලිස් ඇමති හැංගිලා ද ?