(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිලධාරීන්ට බිය වී කළු පාලම අසල සේදවත්ත ඇළට පැන පලායාමට තැත් කළ තිදෙනකුගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

මත්ද්‍රව්‍ය පානය කිරීමට පැමිණි මිතුරන් තිදෙනකු සේදවත්ත කළු පාලම අසලදී පොලිස් නිලධාරීන් කීපදෙනකු දැක බියට පත් වී පලායෑමට තැත් කිරීමේදී අසල තිබූ සේදවත්ත ඇලට පැන ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එහිදී මිතුරන් දෙදෙනකු ඇලෙන් එගොඩවී ඇති අතර අනෙක් මිතුරා පිළිබඳව ප්‍රදේශවාසීන් එක්ව සොයා බැලීමේදී මඩේ එරි මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.