(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ " , "ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා " යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකළ  යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු සිව්දෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කාර්මිකයකු, වඩු කාර්මිකයකු, සහ රාජ්‍ය ආයතනයක රැකියාව කරන්නකු ද වන බව පොලිසිය කියයි.

සැකකාර කෝප්‍රල් කෝප්‍රල්වරයා පාදුක්ක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන්නකු බව පොලීසිය කියයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.