(ෂේන් සෙනෙවිරත්න)

ගජමුතු දෙකක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට  සැරසුණු සිව් දෙනකු මහනුවර නගරයේ දී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරකට අනුව පොලිස් විශේෂ අපරාධ අංශයේ සහය ඇතිව වැටලීම සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිස් උපාය දූතයන් යොදා ගජමුතු දෙක මිලදී ගැනීම සඳහා සැරසෙන මුවාවෙන් ගජමුතු දෙක සහ සැකකරුවන් හතර දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 සහ 26 වයසේ පසුවන මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්  ගජමුතු 2 දෙක මොණරාගල ප්‍රදේශයෙන් තමන්ට ලැබුණු බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ .