IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා

(අමිල ජයවර්ධන)

කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී.

මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ තලාව, කාරියමඩිත්ත, ගොඩකදුරුවෙල කොටපොල ගෙදර පදිංචි හෙට්ටිගේ කීර්තිරත්න (44) නැමැති දෙදරු පියෙකි.

පොලිසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

තිදරු පියා මැයි 31 වන දින සවස සූරියවැව ප්‍රදේශයට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවසට නුදුරුව පිහිටි දමනිය වැව අසල මාර්ගයේ රැඳී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලීමට බිරිඳ සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදක්වා ඇත. ඊට දින කිහිපයකට පසුවද සිය සැමියා නිවසට නොපැමිණීම පිළිබඳව ඇය  පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

ඝාතනයට ලක් වූ තිදරුපියාගේ සහෝදරයකු සහ ඔහුගේ මිත්‍රයකු පොල් ඇහිදීම සදහා නිවස ආසන්නයේ පිහිටි කැලෑබද පොල් වත්තකට ගොස් ඇත.

එහිදී ඔවුන් සැරිසරන ස්ථානයේ කුණු ගඳක් වහනය වීම නිසා ඔවුන් විසින් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී කමිසයක කැබිලි මතුවී ඇති අතර මේ පිළිබඳව ඔවුන් පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව මිද්දෙණිය පොලිසිය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරී ද කැඳවා දේහය ගොඩ ගන්නා ලදී. දේහය ඉටි රෙද්දක ඔතා අඩි දෙකක පමණ වලක් තුල දමා පස් වලින් වසා ඒ මත භූමි තෙල් අතුරා තිබී ඇත.

මරණකරු බිරිඳ සහ දරුවන් විසින් හඳුනාගනු ලැබූ අතර පොලිසිය විසින් විමර්ශන කටයුතු අරඹන ලදී.

මේ අනුව එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද තලාව,කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය සම්බන්ධයෙන් ඔහු පාපොච්චාරණයක් සිදුකර ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා තමා මත්පැන් පෙරන බවට පොලිසියට තොරතුරු ලබා දෙන බවට සැක කිරීම නිසා ඔහු මරා දැමීමට තීරණය කළ බවත් ඒ අනුව මග රැඳී සිටි මරණකරුට මත්පැන් පානයට එන ලෙස පවසා කැලෑබද පොල් ඉඩමකට රැගෙන ගොස්  මස්සිනා සමග ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර වළ දැමූ බව පවසා ඇත.

 



අදහස් (0)

පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site