
(එස්.හේරත්)
පෙම්වතා සමඟ යතුරු පැදියකින් මත් කුඩු බෙදා හරිමින් සිටියදී පොලිසියට හසුවී තරුණිය හැරදමා පෙම්වතා පලා යාමේ පුවතක් මාදම්පේ පොලීසියෙන් වාර්තා වෙයි.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ විලත්වව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියකි.
මෙම තරුණිය තම පෙම්වතා සමඟ කලක සිට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක යෙදී සිට ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මාදම්පේ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. මහේෂ් මුතුකුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් දුම්මලසූරිය විලත්තව මාර්ගයේදී යතුරු පැදියකින් තරුණයකු සමග යමින් සිටි සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විසින් යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා නවත්වන අණ කරද්දි එම යතුරු පැදිය පැදගෙන පැමිණි තරුණයා තරුණියව අතහැර දමා පොලීසියෙන් මිදී පලා ගොස් ඇත.
පොලිසිය විසින් එම තරුණිය පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියට සොයාගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය මාදම්පේ පොලිසිය වෙත ගෙන ඇවිත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය මගහැර පලා ගොස් ඇත්තේ ඇයගේ පෙම්වතා බවත් ඔහුද මත්ද්‍රව්‍යවලට බෙහෙවින් ඇබ්බෙහි වී ඇති පුද්ගලයකු බවත් ඊට අමතරව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමේ යෙදෙන බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.
මෙම තරුණියගේ මව කලකට පෙර ඔවුන්ව අතහැර ගොස් වෙනත් විවාහයක් සිදුකරගෙන දැනට රැකියාවක් සඳහා විදේශගත වී ඇති බවද පොලීසිය පවසයි.
පොලිසිය විසින් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන මෙම තරුණියගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටි.
මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට අහුවුණු කුඩු පෙම්වතා පෙම්වතිය බිල්ලට දී මාරුවෙලා