
(ගයාන් සූරියආරච්චි)
හෙරොයින් ජාවාරම නිදහසේ කරගෙනයාම සදහා මට්ටක්කුලිය පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක් අල්ලස් වශයෙන් ලබාදීමට තැත්කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද මට්ටක්කුලිය පොලිසියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමිත්පුර, මට්ටක්කුලිය පදිංචි මහා පරිමාණ හෙරොයින් ජාවාරමක නිරත වූ පුද්ගලයකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද හෙරොයින් ජාවාරමේ නිරතවීම හේතුවෙන් සිරගතවී මරණ දඩුවම නියමවී වසර 12 සිරගතව සිට මීට මාසයකට පමණ පෙර නිදහස්වී පැමිණ ඇති බව පොලිසිය පවසයි.
මෙම සිදුවීමට මුහුණ දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාට මෙවැනි ආකාරයෙන් කප්පම් ලබාදීමට උත්සාහ කළ බොහෝ දෙනකු අල්ලස් කොමිෂන් සභාව දැනුවත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් කිරීමට කටයුතු කර ඇති බවද පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ බෑනේ දැන්... "'කාලය"' වෙනස් වෙනවනේ...
හිරේ දැම්මත් , ක්‍රියාත්මක නැති මරණ දඬුවම දුන්නත් මේ මිනිසුන් හදන්න බෑ. ඇවිත් කරන්නේ ඒකමයි. මේවා නතරකරන්න වෙනත් විද්‍යාත්මක ක්‍රමවේද ගැන සෙවිය යුතුයි .