
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස් සේවයට 2500ක් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මේ පිළිබඳ ගැසට් පත්‍රය ලබන සියයේදී නිකුත් කෙරෙන බව පැවසු අමාත්‍යවරයා ඉදිරියේදී අඛණ්ඩවම බඳවා ගැනීම් සිද්ධ කරන බවද ප්‍රකාශ කළේය.
පොලිසියේ රාජකාරි පීඩා අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවත් පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු සීයක් පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හෙතෙම මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
දේශපාලනීකරණය වූ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසූ විජේපාල මහතා දේශපාලනාකරණයවූ ආරක්ෂක කමිටු විසුරුවා හැර ඇතැයිද සඳහන් කළේය.
එදා සමහර කමිටු දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට යොදාගෙන තිබූ බව ආනන්ද විජේපාල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ පීඩා අඩුකරනවා, නඩුගැන සාකච්ඡා කරනවා කියන්නේ පොලීසිය කැමති ආකාරයකට වැඩකෙරුවට කමක් නෑ කියන එකද? නඩු සීයක් කියන එකත් වැරදියි. අඩුම ගණනේ දාහක්වත් ඇති නීතිය අවභාවිතා කෙරුවට විරුද්ධව දාල.