IMG-LOGO

පොලිසියට අලුතින් 2500ක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස් සේවයට 2500ක්  කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය

මේ පිළිබඳ ගැසට් පත්‍රය ලබන සියයේදී නිකුත් කෙරෙන බව පැවසු අමාත්‍යවරයා ඉදිරියේදී අඛණ්ඩවම බඳවා ගැනීම් සිද්ධ කරන බවද  ප්‍රකාශ කළේය.

පොලිසියේ රාජකාරි පීඩා අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවත්  පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු සීයක් පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරගෙන යන බවත්  ඔහු ප්‍රකාශ කළේය.

හෙතෙම මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

දේශපාලනීකරණය වූ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසූ විජේපාල මහතා දේශපාලනාකරණයවූ  ආරක්ෂක  කමිටු විසුරුවා හැර ඇතැයිද සඳහන් කළේය.

එදා සමහර කමිටු දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට යොදාගෙන තිබූ බව ආනන්ද විජේපාල මහතා පැවසීය.



අදහස් (1)

පොලිසියට අලුතින් 2500ක්

dds Thursday, 10 April 2025 11:38 AM

පොලීසියේ පීඩා අඩුකරනවා, නඩුගැන සාකච්ඡා කරනවා කියන්නේ පොලීසිය කැමති ආකාරයකට වැඩකෙරුවට කමක් නෑ කියන එකද? නඩු සීයක් කියන එකත් වැරදියි. අඩුම ගණනේ දාහක්වත් ඇති නීතිය අවභාවිතා කෙරුවට විරුද්ධව දාල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 420 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 756 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site