
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය.
එසේම එවැනි ස්ථානවල දී රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරින් තෙල් බෙදන කටයුතුවල යෙදෙන පිරිසක් නොවන හෙයින් ඔවුන් සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෝලිම්වල තව කොච්චර මිනිස්සු ගුටිකන්න ඕනෙද? කොච්චර මැරෙන්න ඕනෑද? මේ කරුමේ නවතින්න..!
මෙයා මාරකතාවක්නේ කියන්නේ... මේ අයනේ මිනිස්සු අවුස්සගන්නේ..?
මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න නම් ගොබ්බසේන යවන්න ඕනේ... එවිට විදේශ ශ්‍රමිකයෝ ඩොලර් එවනවා.
පොලිසිය තියෙන්නේ රටේ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහායි. ඒත්, මේ රටේ පොලීසියේ සුළු පිරිසක් හැරෙන්නට බොහෝදෙනා දේශපාලන ගැතිකම් කිරීම නිසා සමස්ත පොලිස් සේවයේම ගෞරවය කෙලෙසුවා. දින ගණන් තිස්සේ තෙල් පෝලිම් වල දුක් විඳින ජනතාව දෙස, හරිහැටි කෑමක් බීමක් නොමැතිව ඉන්නා අය දෙස පොලිසිය සානුකම්පික හැඟීමකින් බැලිය යුතුයි. එසේ නැතිව ගහෙන් වැටුණු කෙනාට ගොනා අනිනවා වගේ වැඩ කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ... එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් තෙල් පෝලිම් වල දුක්විඳිනා මිනිසුන් හට තම පෞද්ගලික මුදලින් අයිස්ක්‍රීම් අරන් දුන්නා. පොලිස් සේවයට අවශ්‍ය අන්න එවැනි කාරුණික නිලධාරීන්... දේශපාලකයින් හට පේන්න දුක් විඳිනා මිනිස්සුන්ට රිවෝල්වරය අල්ලන අය නොවේ.
රාජපක්ෂ ගොට්ටෙක්...!
පොලිසි පෝලිම් පිට ගිහින් ඔයිල් ගහන්න හින්දයි මේ ප්රශ්නය...!
මෙයා කියන්නේ පොලිස් බලයට බයේ ඉන්න කියලා..! පොලිස් කාරයින් ෂෙඩ්වල එවුනුත් එක්ක කල්ලි ගැහිලා තෙල් හංගාගෙන බාගෙට බෙදලා මිනිස්සුන්ට නෑ කියනවා. කතා කළොත් ගහනවා...! ඉස්සර වෙලාම ලැබෙන තෙල් සම්පූර්ණයෙන් බෙදාහරින සාධරණ, විනිවිද භාවයෙන් යුතු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න...!!!
නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා යනු කුමක්ද? සෑම වරදකටම දියයුතු දඬුවම දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දන්වා ඇත. නීති නැවීම හෝ දැඩිව ක්‍රියාත්මක කිරීම පොලිසිය සතු වගකීමක් නොවේ. එය මෙරට අධිකරණය මගින් තීරණය කළ යුත්තකි. දූෂිත පොලිස් නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වලින් අයථා ලෙස ඉන්ධන රැස්කර අනීතික ව්‍යාපාරවල නිරත වෙයි. ප්‍රථමයෙන්ම පොලිසිය පිරිසිදු කොට මහජනතාව වෙත නීතිය ඉටු කරන්න...
කුරුණෑගල හිටියේ දේශපාලන හිතවත්කම් මත උසස්වීම ලබපු ජොන්ස්ටන්ද?
සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වන බව හැමදෙනාම දන්නා කරුණකි. එසේ හෙයින් සියලු දෙනාම තමතමන්ගේ ආවේගශීලීත්වය හැකි පමණ පාලනය කරගෙන එකිනෙකා ගැන මානුෂිකව කටයුතු කළොත් හැමටම සෙතක් වේවි...
එතකොට මිනිස්සුන්ට පිස්තෝල එල්ල කරන පොලිස් කාරයින් හිටියාට කමක් නැද්ද..?
ඒක යකාගේ නීතියක්නේ... පොලිස් කාරයින්ට... නිරායුධ මිනිස්සුන්ට විතරයි පුළුවන්..!
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය 94 වගන්තිය යටතේ පැහැදිලිය. අදහස් ප්‍රකාශ කිරීමේදී අත්අඩංගුවට ගන්න ඇති නීතිමය පදනම කුමක්ද? (භාෂණයේ නිදහස) නිරායුධ වැසියන්ට එරෙහිව ගිනි අවියක් එසවීම. නිල ඇඳුමක් ඇඳගත් පමණින් මිනිසුන්ට පහර දීමට ඇති නීතිමය තත්වය කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිසියට එවැනි බලයක් ලබා දී තිබේද? එවැනි නීතිමය තත්වයක් නැතිනම් නිල ඇඳුම අදාල වෙන්නේ නෑ නේද? නිලධාරින් සද්භාවයෙන් ක්‍රියා නොකරන බව cctv,video clips මගින් පැහැදිලි සාක්ෂි ඇත. එසේනම් 94 වගන්තිය යටතේ පොලිස් නිලධාරියාට විරුද්ධව ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි.
එතකොට පොලිසියට නීතියක්, විනයක් නැද්ද? ඔහොම නම් හිතන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන නුඹලාට දෙවියන්ගේ පිහිටයි.. තව වැඩිදවසක් දුවන්න බැරි බව මතක තියාගන්න.
අහිංසක ජනතාවට පොලිසියේ හිරිහැර වෙද්දී මොකක්ද ගන්න පියවර...? දැන් පොලිසිය අහිංසක ජනතාවට පහරදීම් වැඩියි. ජනතාව නැගිට්ටොත් පොලිසියට දුවන්න ඉඩ මදිවේවි... ඔය වැරැදි විදිහට වැඩකරන පොලිසියත් බැඳලා දාන්න බලන්න විනාශයක් වෙන්න කළින්...
එක අතකින් අත්පුඩි ගහන්න බෑ.
නිකන් මෝඩ කතා කියන්න එපා.
9දා වගේ තව රැල්ලක් ඇති වෙන්න යනවා වගේ... පොලිසිය සමග රට පුරාම ගැටුම්... මෙය හොඳ නැහැ. කල්පනාකාරීව වැඩ නොකළොත් අද, හෙටම මහා විනාශයක්...
පොලිසියේ ඉන්න සමහරක් කාලකණ්ණි, නූගත් දේශපාලුවන්ට කඩේ යන නිලධාරීන් මහජනතාවට පහර දෙන ඒවට, පිස්තෝල උලුක්කර තර්ජනය කරන ඒවනේ තියෙන්නේ.. ඒවාට දැඩි නීති ගන්න ඕනෑ.
එතකොට නිස්කාරනේ අපිට අත උස්සන පොලිස්කාරයින්ට මොකද කරන්නේ...?
ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් විශ්වාස නොකළම යුතු පිරිසක් තමයි මේ තමන්ගේ වාසියට ඕනෑම පාවාදීමක් කරන අමුතුම ජාතියේ මිනිස්සු... මොවුන්ට හරිවැරදි නොතේරෙන මිනිසුන් ගැන අනුකම්පා විරහිතම පිරිසක්... !