
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම පොලිසියේ තනිකඩ බැරැත්තයේ නිලධාරීන්ගේ ඇදුම් පෙට්ටි කඩා දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙවල් බිදීමේ උපකරණ, සොරාගත් ගිනි අවි උණ්ඩකිහිපයක් , අබිං මිලිග්‍රෑම් පනහක් ඇතුළු දේපල සමග අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
2021 දී පොලිස් සේවයට බැදී මහියංගනයේදී මූලික පුහුනුව ලබා මෙරොන්තුඩුව පොලිසියේ සේවය කරමින් සිටි සැකකාර කොස්තාපල්වරයා මාරුවීම් ලබා මීරිගම පොලිසියේ සේවයට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදාය.
ගතවූ සතිය තුළදී පොලිස් බැරැක්කයේ දේපල නැතිවීම් කිහිපයක් සිදුවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටියදී ඊයේ රාත්‍රි 10.45 ට පමණ පොලිස් සැරයන්වරයකුගේ ඇදුම් පෙට්ටිය කඩා එහි තිබූ දේපල සොරකම් කිරීමට තැත්කිරිමේදී මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අනතුරුව සිදු කෙරුනු මූලික විමර්ශනයේදී තනිකඩ නිල නිවාසයේ නේවාසිකව සිටින පොලිස් කොස්තාපල්වරයකුගේ ඇදුම් අල්මාරිය කඩා එහි තිබූ දේපළ සොරකම් කිරිමද මෙම සැකකාර කොස්තාපල්වරයාගේ ක්‍රියාවක් බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවි ඇත.
සැකකාර ආධුනික කොස්තාපල්වරයාගේ දේපල පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ අබිං මිලි ග්‍රෑම් 50 ක්ද සොයා ගැනීමට හැකිවි ඇත. අනතුරුව මිරිගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා විසින් සැකකාර ආධුනික නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබි අබිං මිලි ග්‍රෑම් 50 ක්. ටි 56 ගිනි අවි සදහා යොදන ජිව උණ්ඩ 02 ක්, පිස්තෝල සදහා බාවිතා කරන මිලි මිටර් නවයේ උණ්ඩ 01ක්, පුහු උණ්ඩ 02 ක්, ගෙවල් බිදිමේ උපකරණ වශයෙන් සැලකිය හැකි විවිධ වර්ගයේ පිහි 03ක්, උල් අඩු හතරක් හා කටර් අඩුවක්ද, මල් හා පැතලි ඉස්කුරුප්පු නියන් හා ටෙස්ටර් එක බැගින්ද විවිධ ප්‍රමාණයේ යතුරුද සොයා ගැනීමට හැකිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පොලීසියට බඳවා ගැනීමේදී පසුබිම් සොයා බැලීම කරන්නේ නැතිද?
රට කරවන එවුන් රටම හොරා කන සහ කාපු යුගයක, උං නිදැල්ලෙ ඉන්න යුගයක, මේවා සොච්චං වැඩ.