
(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිනිස් ඝාතන හයක්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවකු සීදුව බේස්ලයින් පාරේදී විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ සීදූව ප්‍රදේශය පදිංචි ලලිත් වසන්ත පින්තු (44) නැමැත්තා බව අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහු ඊයේ (17) රාත්‍රියේ මෝටර් රථයකින් ගමන් කරමින් තිබියදී විශේෂ කාර්ය බලකාය එම රථය පසුපස හඹා හඹා ගොස් එය නැවතීමට අණ කළ අවස්ථාවේදී සැකකරු මෝටර් රථය සිට නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ නිලධාරීන් පෙරළා සිදුකර වෙඩි තැබීමෙන් මොහු බරපතළ තුවාල ලබා ඇත.
තුවාලකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත
මෙම සැකකරුට 1991වසරේ සිට ඝාතන සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධ කළ යුතු බවත් ඔහු තවත් දෙදෙනකු සමඟ මෝටර් රථයකින් යමින් සිටියදි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...
ළඟදී එළියට ආපු කෙනෙකුට කුඩුවල ඒකාධිකාරය හදලා දෙන්නයි ඔය වෑයම...
දැන් කතාව වෙනස් කරලා. දැන් ආයුධ පෙන්වන්න එක්ක යන්නේ නැහැ. දැන් අලුත්ම එක වෙඩි තියාගන්නවා. කාවද මේ රවට්ටන්න හදන්නේ?
දැන් ඉතින් පරණ කුඩු ලොක්කන් වෙඩි වැදිලා මියයන කාලයයි.