
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් බව පවසා ග්‍රෑන්ඩ්පාස් මෝලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබා ගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ඉකුත් 21 ක් වෙනි දින මෙම පැහැර ගැනීම සිදුකර තිබූ අතර නිවැසියන්ට දුරකථන ඇමතුමක් දී තිබූ සැකකරුවන් මේ බව පොලිසියට නොදන්වන ලෙස බිය ගන්වා තිබූ බවත් පොලිසිය කියයි
පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ විසින් පෞද්ගලික බැංකුවක ලක්ෂ 10ක මුදලක් තැන්පත් කර ඇති අතර ,පසුව පැහැර ගන්නා ලද අයට රුපියල් දාහක මුදලක් ලබාදී මාබෝල ප්‍රදේශයට ගෙනැවිත් දමා ගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසියන් මරණ බය නිසා ඒ බව පොලිස් නොදන්වා සිට ඇති අතර පසුව 29 වැනි දින සිදුකරන ලද පැමිණිල්ලක් අනුව බැංකු ගිණුම් සහ දුරකථන අංක ඔස්සේ සිදුකරන ලද විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd