
(මනෝප්‍රිය ගුණසේකර)
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කොන්දේසි විරහිතව අද සමාව ගත්හ.
සිද්ධියට භාජනය වූ නීතිඥ රියදුරුවරයා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සමථයකට පත්වීමෙන් පසු මිගමුව පොලිසියේ නිලධාරී පිරිස අදාළ රියදුරාගෙන් මෙලෙස කොන්දේසි විරහිතව සමාව ගැනීමෙන් අනතතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කෙරිණි.
නීතිඥවරියගේ රියදුරකු වශයෙන් කටයුතු කළ කළුතර පදිංචි සෙල්වරාච් රාජපාන්ඩි නැමැත්තාගෙන් මෙලෙස සමාව ගනු ලැබුවේ මීගමුව පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරුන් වන දිසානායක සහ ප්‍රේමරත්න කොස්තාපල්වරුන් වන රත්නසිරි, සේනාධිර සහ නානායක්කාර නමැත්තන්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මත් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
සෙල්වරාච් රාජපාන්ඩි නැමැත්තා ගොනු කර තිබු පෙත්සමේ වගඋතතරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මීගමුව පොලිස්ථානාධිපති ප්‍රදීප් විරසිංහ ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතිඥවරියකගේ රියදුරකු වශයෙන් සේවය කරන පෙත්සම්කාර සෙල්වරාච් රාජපාන්ඩි නැමැත්තා පසුගිය ජනවාරි 16 වැනිදා මෝටර් රථයෙන් මීගමුව දිසා අධිකරණයට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේදී යතුරුපැදි කිහිපයක් පැමිණ මෝටර් රථයට ඉදිරියෙන් පාර හරස් කර නැවැත්වු බව සඳහන් කරන පෙත්සම්කරු එලෙස මඟ හරස් කර නැවැත්වු සිවිල් ඇදුමෙන් සැරසුණු පිරිස ‘අපි පොලිසියෙන්’ යැයි කියා තමා පරීක්ෂා කර තමාගේ දෑතට මාංචු දැමු බවද සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඳල සමාව අරන් කොහෙත්ම හරියන්නෑ. පොලිස් බලතල ඉක්මවා ක්‍රියාකරල නං සුදුසු වන්දි මුදලක් වරදකරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න නියම කලයුතුයි. ඒ වගේම පෞද්ගලික ලිපිගොනුවට ලියුමක් යවල, දෙවෙනි වතාවකට අහු උනොත් සිරදඬුවම් නියම කලයුතුයි.