(ඉන්දිකා රාමනායක)
දෛනික කටයුතු සම්බන්ධයෙන් පොලිස් තොරතුරු පොත්වල සටහන් තැබීමට සීමිත නිලධාරීන් පිරිසක් යොදවා සිදුකරන ලෙසට පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් අතර කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි
පොලිස් නිලධාරීන්ගේ,විවේක සටහන්,පැමිණිලි ,ඇතුළු අත්‍යාවශ්‍ය කරුණු සටහන් තබන පොලිස් තොරතුරු පොත් සීමිත නිලධාරීන් පිරිසක් පත්කර ඔවුන් යටතේ සටහන් තබන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දුන් බව ද හෙතෙම කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd