බිමල් ශ්‍යාමන් ජයසිංහ
මොරටුව මාදංගහගත්ත ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් දෙදෙනකුට පහරදී බරපතළ තුවාල සිදු කළැයි කියන කාන්තාවන් දස දෙනකු ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
තුවාල ලද පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද එක් පොලිස් නිලධාරියකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
ජංගම සංචාරය නිරත පොලිස් ජිප් රථයේ සිටි නිලධාරීන් දෙදෙනා පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා මාදංගහවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ බොරු...
අපි දන්නා විදියටනම් පොලීසියට ගැහුවත් පොලීසිය ගහනවා නඩුත් නැහැ
කොහොමත් ඔය මොරටුව , ලුනාව , කොරලවැල්ල , අඟුලාන පැත්ත ට ගිහින් පොලීසියේ (සමහර ) වීරයන්ට මහපාරේදී අපට දමන ගොන් පාට් දමන්න බැහැ නීතිය රකින්න ඉන්න නිලදරින්ට පහරදීම අනුමත කරන්න බැහැ නමුත් මගේ ප්‍රශ්නේ මේකයි පාරේ ඉන්න ට්‍රැෆික් රාලහාමිගේ ඉනෙත් එතුමාගේ රාජකාරි ගිනි අවිය තියනවා මේ නිලදාරීන්ගේ අතේ අඩු ගන්නේ කැටපෝල් එකෙක් වත් තිබුනේ නැත්ද ? ගැහැණු ඇවිත් දැඩිසත්කාර ඒකකයට යන්න තරමට නෙලනකම් මොකද කරේ ? "යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද "?