(නිමන්ති රණසිංහ)

කොව්ඩ් ආසදිතවී දින හතරක් තුළ පොලිස් සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් 04 වැනිදා සිට ඊයේ (07) දක්වා මරණයට පත් වූ පොලිස් නිලධාරීන් අතර අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයෙකු, පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ හික්කඩුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු වෙයි.

මෙසේ මරණයට පත් වූ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අය වන අතර, එක් අයකු එකදු මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බව ද වාර්තා වෙයි.