
(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් අසල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ යුධ හමුදා සෙබළුන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ලද තොරතුරක් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ නිළධාරීන් පිරිසක් ගොස් සිදු කළ සෝදිසියේදී එම සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 60 බැගින් හමු වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සහය තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා උසස්වීම් ලැබූවකු බවත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනා ශ්‍රි ලංකා යුද හමුදා පොදු සේවා බළකායට අයත් පනාගොඩ කදවුරෙහි සේවය කරන අය බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකරුවන් මොරටුව ලක්ෂපතිය, අඹකොටේ මැටියාපොත සහ නිකවැරටිය ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ එකක්, යුද හමුදාවේ දෙකක් කුඩු ගහද්දී මාට්ටු