(තරිඳු ජයවර්ධන සහ මනෝප්‍රිය ගුණසේකර)
රටේ අද ඇති වාතාවරණය ඇතුළේ කිසිම බලපෑමකට නතු නොවී කටයුතු කිරීමේ වගකීම පොලිසිය, අධිකරණය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැවරෙන බවත්, මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමේ වගකීම එම ආයතනවලට තිබෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
දේශපාලන න්‍යායපත්‍රවලට අනුව සිදුවීම් මෙහෙයවන්නට වුවහොත් එයින් පොලිස් සේවයේ උත්තරීතරත්වය නැතිවී යන බව ද, එඩිතර බව සහ උත්තරීරතර බව ආරක්ෂා කරගෙන වගකීම් ඉටු කරද්දී කිසිම කෙනකුට අසාධාරණ ලෙස හිස නොනමා කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීම පොලිසියෙන් බොහෝ දෙනකු බලාපොරොත්තු වන බව ද අගරදගුරුතුමෝ කීහ.
කොළඹ අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළේ අපරාධ හා අපරාධ බුද්ධි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ විසින් රචිත පොත් තුනක් එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා රචනා කළ රටම ගිනියම් කළ පාතාල අපරාධ, මේ ඒ කතා සහ රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව යන පොත් තුන අද කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි. ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න සහ දිලීප ජයකොඩි මහත්වරු එහි ප්‍රධාන දෙසුම් සිදු කළහ.
ජයකොඩි මහතා විසින් රචිත ‘රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව‘ නම් කෘතිය කලැත්තෑවේ ද්විත්ව ඝාතන සිද්ධියේ විමර්ශන අළලා රචනා කර ඇති අතර එවකට (හැටේ දශකයේ) විමර්ශන මෙහෙයවූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නවරත්න රාජා මහතා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් බි ඩබ්ලිව් සිල්වා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකා පොලිසිය යනු විශාල වැඩකොටසක් ඉටු කරන ආයතනයක් බවත්, අටපාස් පොලිස් කාරයන්යැයි කියමින් සමාජ මාධ්‍යවල උසුලු විසුළු කළත් පවුල් ආරවුලේ සිට මහා පරිමාණ අපරාධ දක්වා සෑම කාරණයකදීම විමර්ශන සිදු කරන්නේ පොලිසිය බවත් මෙම අවස්ථාවට සහභාගී වූ පොලිසියේ නීති විනය සහ කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය. විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණවලදට පොලිසියෙන් කඳුළු ගෑස් එල්ල කරන හෝ ජල ප්‍රහාර එල්ල කරන සිද්ධි අළලා පොලිසිය රකුසකු කර ජනමාධ්‍ය පළ කළ ද ඇත්තටම සත්‍ය තත්ත්වය එය නොවන බව ද, ප්‍රශ්නවලට වෙනත් ආයතනවලින් පිළිතුරු නොදී පාරට බැස්ස පසු පොලිසිය කරන්නේ මාර්ග අවහිරතා වෙතොත් එය ඉවත් කිරීම බව ද, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ පොලිසිය නොව අදාල ආයතන බව ද අජිත් රෝහණ මහතා කීවේය.
මෙම අවස්ථාවට හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ද, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු පොලිස්පතිවරු කිහිප දෙනෙක්ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා කිව්වත් පොලිසියේ අල්ලස් ගැනීම ඉතා ඉහල මට්ටමක පවතිනවා. ලංකාවේ දුශීතම රජය ආයතනය අවිවාදයෙන්.
එහෙම යටනොවී හිටියොත් තරු පටි ගන්න එක හබක් තමයි අගරදගුරු තුමෝ. ලංකාවේ පොලිසිය කොන්ක්‍රීට් වෙලා තිබෙන්නේම බලපෑම් වලට යටත් වෙනු කියලයි. උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ. පොලිසියට කියාපු තේමා පාඨයයි.
ඔබ වහන්සේගේ බලාපොරොත්තුවම තමයි අපටත් තියෙන්නේ ස්වාමීනි. හැබැයි එක හීනයක් විතරයි. නාගානන්ද ආවොත් නම් ඒ හීනය හැබෑ වෙයි කියලත් හිතෙනවා.
ඔබවහන්සේගේ වටිනා අදහස් අප ඉතා ඉහලින් අගය කරන්නෙමු.නමුත් ඉර පායලා ඉර බැසයන දවසට ඒ සියලු දේවල් ඉටුවෙන බව නම් සක්සුදක් සේ විස්වාසයි. දන්නෝ දනිති. සමහර ආයතනන වල ඉතාමත් අවංක නිලධාරින් සුළු පිරිසක් ඉන්නා බවත් සදහන් කරන්නෙමු. ඔවුන්ට අප සැමවිටම අපේ ආශිර්වාදය පුද කරන්නෙමු.
වත්මන් රජය ස්වාධීන කොමිෂන් ඇතිකර විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීමෙන්, නීතියෙන් ඔප්පු කළහැකි හේතු සාධක සහිත පැමිණිලිවලට ඕනෑම කෙනෙකුට නිවැරදි තීන්දු ලබාගෙන නිසි දඬුවම් ආදී ප්‍රතිචාර දැක්වීමටත්, තනි පුද්ගලයෙකුට පැවරී තිබුණු රටේ පාලන බලතල පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන මතධාරී පක්ෂ අතර මත ගැටුමකින් ජනතා පරමාධිපත්‍ය උපරිම කළහැකි ප්රජාතන්ත්රවාදය ඇති කිරීමටත්ය. විදුලි පංකාවක් නැවත්වීමට ස්විචය එබූ ගමන් නොනැවතී ටික වෙලාවක් කරකැවෙමින් තිබුණු අතටම කැරකී ක්‍රමයෙන් වේගය අඩුවී නවතින්නා සේ හැම දෙයක්ම එකවර වෙනස්නොවීමේ ස්වභාවය අවස්ථිතිය ලෙස හඳුන්වයි. මෙවන් මහා කර්තව්‍යයක් වත්මන් රජය කර තිබියදී ජනාධිපති අපේක්ෂකයන් ලෙස පෙනීසිටින්නට උත්සාහ කරන හැමදෙනාම තමන් බලයට පත්වී කරන දේවල් ප්‍රකාශ කරන්නේ විධායක ජනපතිවරුන් සේය. ඇත්තටම දැන් බලයට එන ජනපතිවරුන්ට හිතු හිතු දේ කළ නොහැක. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර මත ගැටුමකින් කළහැකි දේවල් පමණයි කළහැකි වෙන්නේ. ජනාධිපති වරණයත් අහෝසි කර ඒ සඳහා යන වියදමත් ඉතුරු කර පාර්ලිමේන්තු නියෝජිතයින් නඩත්තු කිරීමට යන වියදමත් සමස්ත රටවැසියාගේ අදායම් අනුව සලකා බලා හැකිතාක් අඩුකළ යුතුයි.
මැරිලා ඉපදුනා වගේ කතා කරන්න. අද ස්වාධීන කොමිෂන් සභා පිහිටවලා අධිකරණයට,පොලිසියට රාජ්‍ය සේවට යම් තරමකට හෝ ස්වාධීන බවක් ලබා දුන් පසුව දැන් බණ කියවනවා එදා අධිකරණය ,පොලිසිය හා රාජ්‍ය සේවයේ නිළධාරින් තමන්ගේ කුලීකරුවන් හා දාසයන් වගේ තමන්ට ඕන ඕනා තීරණ හා තීන්දු ක්‍රියාත්මක කරන්න යොදා ගන්න කොට කතා කරන්න බැරි අය හිටියා.
ඔවුන් බලපෑම්වලට යටවෙනවා නොවෙයි බලපෑම් කරලා සල්ලි ලබාගන්නවා..