(නිමන්ති රණසිංහ)
"ජනඝෝෂා" උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ ඕනෑම ස්ථානයකට යාමේ ඒමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්දන් පෙරේරා මහතා හෙට (08) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් අද (07) ප්‍රතික්ෂේප කළේය.
උද්ඝෝෂණයේ යෙදී සිටින ජනයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී යම් අපරාධයක් සිදු කළහොත් පොලිසියට ඇති බලතල මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම උද්ඝෝෂණය සඳහා අධිකරණයේ කිසිදු මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවට නිගමනය කරමින් පොලීසිය කළ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කළේය.
විදේශිකයන් මෙරටට පැමිණ විදුලිය සහ ඉන්ධන නොමැතිව විඳින දුක් කම්කටොළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් ඔවුන් දැනටමත් මේ රට අතහැර ගොස් හමාර බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම උද්ඝෝෂණය හේතුවෙන් ආර්ථිකයට හානි සිදුවිය හැකි බවට පොලිසිය කියන කරුණ බැහැර කර අදාළ ආඥාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, තරුණ සංවිධාන සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 5000ක ගෙන් යුත් පිරිසක් සංවිධානය කළ පාගමනක් 8 වැනි දා කොළඹ ලිප්ටන් වටරවුමේ සිට ගාලුමෝදර පිටියට පැමිණ රැය පහන් කරමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කිරීමට නියමිතැයි බුද්ධි අංශ අනාවරණය කර ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.
උද්ඝෝෂකයන් විරෝධතා සිදු කිරීමට යොදා ගන්නා ස්ථානය අවට තරු පහේ හෝටල් ස්ථානගත වී ඇති සුවිශේෂ ස්ථානයක් වන අතර එහි සිටින විදේශිකයන් මෙම උද්ඝෝෂණය හේතුවෙන් රට හැර යනු ඇති බවත් එයින් රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුවිය හැකි බවත් කොටුව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මේ හේතුවෙන් ලිප්ටන් වටරවුම, මරදාන, ටෙක්නිකල් හන්දිය ඕල්කට් මාවත, ජනාධිපති මන්දිරය අවට පාරවල්වලට ඇතුලුවීම වළකාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත 106 වගන්තිය ප්‍රකාරව ආඥාවක් නිකුත් කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි, "ජනඝෝෂා" උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ ඕනෑම ස්ථානයකට යාමේ ඒමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බවත් උද්ඝෝෂණයේ යෙදී සිටින ජනයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී යම් අපරාධයක් සිදු කළහොත් පොලිසියට ඇති බලතල මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එහෙමනම් කලබල අපරාද සිදු උන්නොත් හා ජනතාවට වෙන අපහසුතාවල වගකීම අධිකරණය බාර ගැනීමට සුදානම් ඇති.
අනුරට ගිනිබෝල කරකවන්න හොඳ චෑන්ස් එක.
අනේ පව් ඉතින් මෙ පොලිසිය.. තවමත් පරයන්ට කඩේ යනව.. නිල ඇඩුම උන්ගෙන් පිනට ලබුන එකක් නෙමෙයි නේද? ඔයාල සුදුසුකම් පෙන්නල ද මෙ රස්සව ගත්තෙ?? අයි එහෙනම් මෙහෙම බල්ල මාක් එකට වටෙන්නෙ? ඔයලගෙ නෝනල දරුවො පාරෙ බැහැල යන්නෙ ඇදුම් නැතුවද? අපෙ මහත්තය/ තාත්ත වැඩ කරන්නෙ පොලිසියෙ කියල දැනෙනකොට එයාලට මාර මෙව්වයි ද?