IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසිය ඉල්ලූ තහනම් නියෝගය අධිකරණය විසි කරයි

(උපාලි ආනන්ද)

මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මේ මස 15 දින  පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීමක්  අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය අද තරයේ ප්‍රතික්ෂේප කළාය.

මිහින්තලේ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මිහින්තලේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව ඇති බවයි.

ජනාධිපතිවරයා එලෙස පැමිණෙන අවස්ථාවේ ගොවීන් පිරිසක් මිහින්තලේදී විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය එළෙස ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ  විරෝධතාවයක් පැවැතිය හොත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කීවේය

මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ජපන් නියෝජිත පිරිසක් සහ තවත් ප්‍රභූන් රැසක් එක්වීමට නියමිත බවද අධිකරණයට සැළකල පොලිසිය එම අවස්ථාවේ විරෝධතා ෙපැවතිය හොත් ජාත්‍යාන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාව අපකීර්තියට පත් වන බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය

විරෝධතාවක් පැවැතියහොත් යාපනය මහනුවර  ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා එල්ල වන බවත් සැළ කර සිටියේය

මෙම කරුණ සැළකිල්ලට ගෙන අදාළ විරෝධතා පැවැත්වීම වළකාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය.

මෙහිදි මිහින්තලේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රි හේරත් මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ශ්‍රි ලංකාව මේ වන විටත් ජාත්‍යාන්තරය ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති බවයි.

මිහින්තලේ පොලිසිය ප්‍රභූවරුන් යැයි හඳුන්වන පිරිස් ඊට වගකිව යුතු බවද නීතිඥවරයා කීවේය.

විරෝධතා පැවැත්වීමට ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් මහජනතාවට හිමිකර දී ඇති අයිතිය අහුරා දැමීමේ අරමුණින් පොලිසිය කරන අනීතික ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයිද නීතිඥ භාග්‍ය ශ්‍රි හේරත් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළාය.

 



අදහස් (3)

පොලිසිය ඉල්ලූ තහනම් නියෝගය අධිකරණය විසි කරයි

ජගත් ලියනගේ Tuesday, 13 February 2024 08:12 AM

ජයවේවා ! ඉස්සර වගේ දැන් සෙල්ලම් කරන්න බැහැ .

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2024 09:11 AM

ඔය වක්‍රව කියන්නේ ගහපිය වතුර කියලා. ඔය ජේවීපී අමුඩ කල්ලිය. ගහන්න වතුර.

:       0       0

Lal Tuesday, 13 February 2024 11:56 AM

පිං පඩි කාලකන්නි ජෙප්පෝ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site