IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසියේ ආහාර-නවාතැන් දීමනාව වැඩි වෙයි

(සන්ඩේ ටයිම්ස්)

සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට(13) සිට වැඩි වනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

දීමනා වැඩිවීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් පළමු අදියරේ වැඩිවීම මාස හයක කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවත් එම මාස හය අවසන් වූ පසු දෙවන අදියර ඊළඟ මාස හයක කාලය තුළදී ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවැසුවේය.දෙවන අදියරේදී පළමු මාස හය සඳහා හිඟ දීමනාද සමඟ ඉහළ දීමනාවක් පොලිස් නිලධාරීන් වෙත ලැබෙනු ඇතැයි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

පොලිස් කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලය දක්වා රුපියල් 2,340 ත් 4,230 ත් අතර දීමනාවේ වැඩිවීමක් ලැබෙනු ඇති බවත් උප පොලිස් පරීක්ෂක සිට  ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලයන්ට රුපියල් 3,060ත් රුපියල් 4,320ත් අතර වැඩිවීමක් ලැබෙනු ඇති බවත් ඔහු පැවැසුවේය.එසේම සහකාර පොලිස් අධිකාරීවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා එම වැඩිවීම රුපියල් 4140 ක් බවද ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන ආහාර සහ නවාතැන් දීමනාව රුපියල් 18,930 සිට රුපියල් 25,140 දක්වා පරාසයක පවතිනු ඇති බවද ඔහු පැවැසුවේය.දීමනා වැඩි වීම පසුගිය මාසයේ සිට වැඩි වීමට නියමිතව තිබුනත් භාණ්ඩාගාරය අරමුදල් නිදහස් කිරිමවට ප්‍රමාද වූ බැවින් එය සිදු කිරීමට නොහැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියකු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් භාණ්ඩාගාරය අරමුදල් නිදහස් කරන තුරු පළමු අදියරේ දීමනා වැඩිවීම පොලිස් අරමුදලෙන් ලබා දීමට පොලිසිය තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.



අදහස් (2)

පොලිසියේ ආහාර-නවාතැන් දීමනාව වැඩි වෙයි

Chathuri Monday, 12 February 2024 02:56 AM

ජනතාව දැන් පරිස්සම් වන්න. මොකද දැන් බඩපිරෙන්න කන්න දෙනකොට ස්වාමියට. හරි ආදරෙයි චන්දය ලන්වෙනකොට රටේ සේසතම බෙදනවා. හැම කාලකන්නිය ම එහෙමයි. ජනතාවට පුලුවන්තරම් දස වදදීලා. චන්දේ ලංවෙනකොට බෙදන්න ගන්නවා. පුලුවන් තරම් අරගන මුන්ව එලවන්න ඕන අන්තිම මොහොතෙදි

:       0       0

Chandima Monday, 12 February 2024 06:11 AM

බලන්නකෝ මේ වැට් සල්ලි වලින් කරන්න තියෙන දේවල් නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site