(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ විනාශ කරන ලද දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට දැනුම්දී ඇත.
කෙසේ වෙතත් සේවක ප්‍රශ්න හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට තවමත් නොහැකිව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයෝ විශාල පිරිසක් ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපළ මොනවා දැයි තහවුරු කරගැනීමේ කටයුතුවල මේ දිනවල නියැලී සිටිති.
ප්‍රචණ්ඩකාරීන් අතින් වැඩිම දේපළ හානියක් සිදුවී ඇත්තේ ජනාධිපති මන්දිරයටය.
ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපළ සටහන් කර ගැනීමේ කටයුතු තව දින දෙකකින් පමණ අවසන් කිරීමට හැකි වෙතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම කටයුතු අවසන් වීමෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ පිළිබඳ වාර්තාවක් පොලිසියට බාර දෙනු ලැබීමට නියමිතය.
දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ජනාධිපති මන්දිරයේ වැඩිම හානියක් සිදු වී ඇත්තේ එහි චිත්‍ර ඇතුළු සිතුවම්වලටය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් බාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ශ්‍යාමලී රාජපක්ෂ මහත්මියගේ විශේෂ අධීක්ෂණය යටතේ එහි නිලධාරීහු කණ්ඩායමක් ජනපති මන්දිරයේ දේපළ පරික්ෂා කිරීමේ කටයුතු වල නියැලී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ විකාරවලට මුදල් වියදම් කරන්නෙ අරගලය මහා අපරධයක් කියලා ඔප්පු කරන්නනෙ. මේ රටේ මිනිස්සුන්ට ලගදිම කන්න බොන්න වෙන්නෙ ගොල්ෆේස් එකේ තණකොල තමයි. තව ටිකක් ඔහොම ලොකුකම පෙන්නපල්ලකො. ලංකාව දැන් අර්ථික අඝාධයේ පතුලේ ඉන්නෙ කියලා අද දැක්කනෙ. ඇත්තටම පුරාවිද්‍යා ස්මරක සහ ඓතිහාසික වටිනාකමක් තියෙන කෞතුක වස්තු විනශ වෙනවා මුලතිව්, දීඝවාපි, විල්පත්තුව අතුලු තැන් ගොඩක. ඒවට පුරාවිද්‍යා කාරයෝ පය ගහන්නෙවත් නෑ.
කටුගෙයි වටිනා පුරාවස්තු ගිලපු බහිරවයා තවම හොයාගන්ඩ බැරිවුණා .