(අජිත්ලාල් ශාන්තඋදය)
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ආධාරකරුවන් පිරිසකට ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි.
විවාහ මංගල උත්සවයට ගොස් එමින් සිටියදී සභාපති ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීමට නියමිතව තිබූ රත්නපුර ලොරි රථගාලේ රැස්වීම් භූමිය සරසමින් සිටි පිරිසකට අත්අඩංගුවට ගත් පිරිස ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් කියමින් පලා ගිය බවට රත්නපුර පොලිසිය ලද පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියට කළ පැමිණිල්ලත් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු සිද්ධිය සමථයකට පත්කර නැවත ගැටුම් ඇතිකර නොගන්නා ලෙස තදින් අවවාද කර අත්අඩංගුවට පත් පිරිස සහ සහ බස්රථය අද (15) අලුයම පිටත් කර යැවූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ලැබුණු ටෙලිෆෝන් කෝල් අනුව කටයුතු කළා කිව්වා නම් තමයි නිවැරදි...
ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සභිකයන් මෙහෙම හැසිරෙන්නේ මහ ජනතාවට ඉදිරි අනාගතය ගැන පෙන්වා දෙන්නයි...
ගණිතාචාර්යතුමා "පොල්ලෙලි" කියලා කිව්වේ කට කහනවට නෙවේ වෙන්න ඇති කියලා හිතෙන්නේ දැනුයි. මේවගේ කණ්ඩායමකටද දැන් රටම බාරදෙන්න දඟලන්නේ..?