(ඉන්දිකා රාමනායක)
පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයයේ දී දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම පිරිස අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියක් සිටින බව පොලීසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරී එම් පී සී චානක ද සිල්වා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර සංජය පෙරේරා (කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය),පොලිස් පරීක්ෂක පී.කේ ආර් එම්,වසන්ත කුමාර (නීති කොට්ඨාස),පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව් ඒ පී ආර් සමරවික්‍රම (නීති කොට්ඨාශය),පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ජී බී කුමාරසිංහ(මධ්‍යම පළාත් බද නීති කොට්ටාශය), පොලිස් පරීක්ෂක පී එම් සී සඳරුවන් ( නීති කොට්ඨාශය), උප පොලිස් පරීක්ෂකා එම් ඩී සී ජයමිණි (වයඹ පළාත් බද නීති කොට්ඨාශය) යන මහත්ම මහත්මීන් මෙලෙස නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ තුන්කාලක් නීතිය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ...
මෙම නිලධාරී/නිලධාරිනීන් වෙත ශුභාශිංසන පුද කරමි. මොවුන්ගේ මෙම ජයග්‍රහණය සැබවින්ම විශිෂ්ටය. ඉතාමත් වෙහෙසකර රාජකාරී භුමිකාවක නියැලෙමින් ලද ජයග්‍රහණය වෙනුවෙන් නිසි ඇගයීමකට ලක්කර ඉටුකරනු ලබන සේවයට ප්‍රසාද දීමනාවක්/නව වැටුප් තලයක් පිහිටුවීම බෙහෙවින්ම සාධාරණ බව හැගේ්.
ඕකෙ ඉන්න හැමෝටම නීතිය උගන්නන්න ඕනෙ.
It's pleasure to see this message.