
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව අත්සන් තබා ඇතැයි පොලිස් මූලස්ථානය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මීට පෙර මාස තුන බැගින් වූ සේවා දිගු දෙකක් ලබා සිටි සී'. ඩී. වික්‍රමරත්න මහතා අවසන් සේවා දිගුව නිමවී විශ්‍රාම ලැබුවේ ඉකුත් 25 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති තනතුරට නීත්‍යානුකූල සුදුසුකම් තියෙන නියම පුද්ගලයාව පත්කර ගන්න බැරි ආණ්ඩුවක්...
ශ්‍රි ලංකා ඉතිහාසයේ මහා පොලිස් කෝලමක්...
ලංකාවේ එකම සුදුස්සා මෙයා විතරයිද..?
දේශබන්දුට ග්‍රහ අපලයක්වත්ද?
පින් ජනාධිපතිටත් මේ ලෙසම සේවා දිගු ලැබෙයිද? නැතිනම් ජනතාව ඔහුව පන්නයිද?
පොලිස් සේවයේ මේ තනතුර පිරවීමට සුදුසුකම් ඇති උසස් නිලධාරී කෙනෙක් නැද්ද? මෙයින් තේරෙන්නේ සේවයේ සිටින සුදුස්සන්ව පත් නොකර ආණ්ඩුව පටු අරමුණු ඉටු කිරීමට ආණ්ඩුව කරන මේ ක්‍රියාව ජනතාවට හා රටට සාපයක් නේද?
ඔබතුමා දිගටම ඉන්න අනේ. පොලිසියට ඕනෑ විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් ඔයා ඉන්නකොට. උන්නත් දාහයි, මලත් දාහයි...!!!
ආණ්‌ඩුව අසරණ වෙලා...
පොලිස්පතිකමට තවම හරිහමන් සුදුස්සෙක් පත්කර ගන්න බැරි ආණ්ඩුවක්?
පොලිස්පතිවරයෙක් පත්කරගැනීමට බැරිතරම් දූෂිත ආණ්ඩුවක්. දූෂිත පොලිසියක් තේමාව ඔස්සේ ඉදිරියට...!
පොලිසියේ ඉහළ ඇවරියේ කවුරුවත් මේ තනතුරට සුදුසු මිනිස්සු නෑ. මෙයාට පස්සේ ඉන්න සීනියර් අයගෙන් එක්කෙනෙක් අධිකරණයෙන් වැරැදි කාරයෙක් වූ කෙනෙක් තව එක්කෙනෙක්ට නඩු තොගයකි... තියන අත්අඩංගුවට ගන්න කියලා නීතිපති උපදෙස් පවා ලැබිච්චි එක් කෙනෙක් ලලිත් පතිනායක, රන්මල් කොඩිතුවක්කු කියන දෙන්නා තමයි ඊළඟට ඉන්නේ ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් දානවා නම් හරි...
DIG මුදිත පුස්සැල්ල කවදත් නීතිගරුකව වැඩකළ නිලධාරියෙක්. චෝදනා ඇති අයට වඩා එතුමා හොඳයි...
ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවට අනුව 1, 2 සහ 3 නිලන්ත, පතිනායක සහ තෙන්නකෝන් වේ. 4, 5 සහ 6 ප්‍රියන්ත, ධර්මරතන සහ මැදවත්ත. 1, 2 සහ 3 අතර සුදුසු පුද්ගලයෙක් නොමැති නම්, 4, 5 හෝ 6 සිට පොලිස්පතිවරයෙකු පත් කිරීමට අධිකාරියට නොහැක්කේ ඇයි?
බඳවා ගැනීමේ පටිපාටි (Scheme of recruitment) යේ අඩු ලුහුඬුකම් වල යම් ගැටලු සහගත තත්වයක් පවතින්නේ දැයි සැකයක්ද?