IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(ඉන්දිකා රාමනායක)

මුලික  අයිතිවාසිකම්  භුක්ති විදීම   සදහා    කටයුතු කරන අවස්ථාවල දී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසටත්,    රජයේ හා  පෞද්ගලික දේපළ වලට   හානි කිරීමෙන් හා   නීතියානුකූල ලෙස   සේවයෙන් යොදවා සිටින   රජයේ හා  පෞද්ගලික   සේවකයන්ට  බාධා කිරීමෙන් වළකින ලෙස   පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා  ප්‍රකාශයක් කරමින් මහතා  මහජනයාගෙන් ඉල්ලා සිටියි.

ආණඩුකම ව්‍යවස්ථාවෙන්   සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශයේ අයිතිය   මෙන්ම සාමකාමී රැස්වීම්  වලට ඇති  නිදහසට  පොලිසිය සෑම අවස්ථාවක දීම ගරු කරන බවත්, පුරවැයින්ගේ  එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධන කිරීමටත්  ගත හැකි  සෑම පියවරයක්ම උපරිම  වශයෙන් ගන්නා බවත්,  මේ  සම්බන්ධයනේ .දිවයිනේ සෑම පොලිස් නිලධාරියකුට ම ඒ සම්බන්ධයෙන් වරින්වර  උපදෙස් ලබා දෙමින් දැනුවත් කර ඇති බවද   පොලිස්පතිවරයා කීය.

 රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය  මුවාවෙන් සිදුකරන නීති විරෝධී  ක්‍රියා ඉවසා සිටීමට   රටේ නීතිය ආරක්ෂා කිරීමට බැදී සිටින  කිසිදු පොලිස් නිලධාරියකුට හැකියාවක් නොමැති බවද පොලිස්පතිවරයා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති  මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ දී  අනිකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි  , එම අයිතිවාසිකම් වලට බාධාවක් නොවන පරිදි  කටයුතු කිරීම  සියලු දෙනාගේ මුලික යුතුකමක් බවද පොලිස්පතිවරයා පවසයි.

මුලික අයිතිවාසිකම් භුක්ති  විදීමේ දී , නීතිමය  රාමුව තුල එම අයිතිවාසිකම් බුක්ති  විදින ලෙසට   සියලු මහජන ක්‍රියාකිරීන්, දේශපාලන නායකයන්, ආගමික නායකයන්   ඉල්ලා සිටින බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසයි. 



අදහස් (5)

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

chandima Thursday, 07 July 2022 06:44 PM

පොලිසියට තියෙන නිතිමය අයිතිවසිකම් උනත් එ විදියටම වගකිමෙන් කරයි නේද? එහෙම නැතුව ආන්ඩුක්‍රම ව්‍යයවස්තවෙ පරිදි මහජනතාව ආරක්ශා කරනව වෙනුවට අර දෙසිය විසිපහට ආරක්ශා කරන්න ගියොත් වැඩෙ අවුල් වෙනව.

:       0       0

ජගත් ලියනගේ Thursday, 07 July 2022 08:28 PM

ඒක නිසා වෙන්න ඇති අද උසාවි ගියේ වාරණ නියෝගයක් ගන්න.

:       1       1

siri Friday, 08 July 2022 12:08 AM

ඔන්න කලින්ම කීව හරිය ? දැක්කනේ අර ඉන්දන පිරවුම් හලේදී පහුගියදා " නීතියානුකූල ලෙස සේවයෙන් යොදවා සිටි" සේවකයන්ට බාධා කරන්න ගිහින් එක්කෙනෙක් කාපු පරිප්පුව ?

:       0       0

WCA Friday, 08 July 2022 02:55 AM

භාෂණයේ හා ප්‍රකාශයේ අයිතිය උපරිම රකින හින්ද ද උත්ගොෂණයක් දැක්ක ගමන් උසාවි ගානේ ලගින්නේ ඉඩ දෙන්න එපා ගගා

:       0       0

Bamunuarachchi Friday, 08 July 2022 07:07 AM

පොලිස්සියට බයිනේත්තු සහිත රයිෆල් නිකුත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site