(විමුක්ති එස් රුද්‍රිගු)
තම නම භාවිත කරමින් පාතාල නායකයන්ගෙන් මුදල් ලබා ගන්නා පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (10) ප්‍රකාශ කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගීත් කරුණාරත්න මහතා ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව පැවැසුවේය.
මීට පෙර පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල්, කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මෙ වෙත ලබා ගත්තා යැයි පවසන හඬ පටවල තිබෙන කටහඬ ඔහුගේ දැයි තහවුරු කර ගැනීම සඳහා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස පද්මලාල් තැනැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දෙවරක් නියෝග කර ඇතත් ඔහු එම නියෝගද කඩකර තිබෙන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව අත් අඩංගුවට ගනීවි යැයි බියෙන් සිටින ඕනෑම පුද්ගලයෙකු අතින් එවැනි දෙයක් සිදුවිය හැකි බව පැවසූ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා දුරකතන සංවාදවල හඬ පටයන්හි තිබෙන කටහඬ තහවුරු කරගැනීම සඳහා ලබන 16 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තාට ඊයේ(10) නියෝග කළේය.
එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව එළඹෙන ජූලි 15 ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එතෙක් විත්තිකරුව අත් අඩංගුවට නොගන්නා බවට පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් ලබා දුන් පොරොන්දුව මත එළඹෙන 16 වැනිදා තෙක් සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා අත් අඩංගුවට නොගන්නා ලෙසද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.
එසේම විත්තිකරුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් අධිකරණයේ මෝසමක් ගොනු කර ඒ සඳහා අවසර ගන්නා ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පතිගෙන් පොලිස් පරීක්ෂක සමන්ට එරෙහිව පැමිණිල්ලක්
sam Saturday, 11 May 2024 04:25 AM
වෙලාවට ගණුදෙණු පියෙව්වේ නැති වුණාම මෙහෙම වෙනවා...!
Perera Saturday, 11 May 2024 02:10 PM
මුට්ටිය කියනවා... කට්ටිය කලුයි කියලා...!