IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පොලිස්පතිගෙන් කොමිසමට දොස්

(ගයාන් සූරියආරච්චි)

පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

ස්ථානාධිපතිවරුන් පත්කිරීම යන්න පිළිබදව අප වැරදි මතයක සිටි බවත් එය නීතිපතිවරයාට ඉදිරිපත් කර ලබාගත් අර්ථනිරූපණයේ දැක්වෙන්නේ ස්ථානාධිපතිවරුන් පත්කිරීමක් නොව ස්ථානාධිපතිවරු ස්ථාන මාරු කිරීමක් බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය.

ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීමට දිගින් දිගටම ඉල්ලා සිටි අතර ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පොලිස්පතිවරයාට පැවැරිය යුතුය යන්න දැඩි ස්ථාවරයේ සිටි බව කී ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ පොලිසියේ විනය පිරිහීමට එය එක් හේතුවක් ලෙස දැක්විය හැකි බවය.

 



අදහස් (5)

පොලිස්පතිගෙන් කොමිසමට දොස්

Perera Monday, 24 February 2025 07:22 AM

පොලිස්පතිවරයා අපක්ෂපාති පුද්ගලයෙකු වුණොත්, ඔය කියන බලතල තිබුණත් කිසිම ගැටළුවක් නැහැ. හැබැයි, පොලිස්පති මොනයම් දේශපාලන පක්ෂයක ගැත්තෙක් වුණොත්, ඔය කියන බලතල ලැබුනා කියන්නේ පොලිසියේ ස්වාධීනභාවයට ලොකු ප්‍රශ්නයක්."

:       0       6

Nimalsiri Monday, 24 February 2025 08:24 AM

මරු වැඩේ

:       0       4

Nimalsri Monday, 24 February 2025 08:34 AM

NPC ආණ්ඩුව නීත්‍යානුකූල රාජකාරි ඉටු කරන අතර පොලිස්පතිවරයා එය අගය කළ යුතුය. පොලිස්පතිවරයාගේ මෙහෙයුම් අණට, පාලනයට සහ පොලිස් නිලධාරීන්ට අධීක්‍ෂණයට NPC මැදිහත් නොවන්නේ නම්, පොලිසිය ප්‍රතිරූපය හා කීර්තිය පවත්වාගෙන යන ඵලදායි සංවිධානයක් බවට පත් කිරීම සඳහා ඔහුගේ රාජකාරිය සහ කාර්යයන් ඉටු කිරීමට ඔහුට ඕනෑ තරම් නිදහස තිබේ.

:       1       3

Kamal Koyrala Monday, 24 February 2025 02:03 PM

සියලු ස්වාධීන කොමිසන් සභා කෙතරම් ස්වාධීන දැයි විමසා බැලිය යුතුයි

:       3       4

dasun Monday, 24 February 2025 02:04 PM

සහතික ඇත්ත..

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2465 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site