
(නිමල කොඩිතුවක්කු)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
පොලිස්පතිවරයා සොයා පොලීසිය වැටලීම් සිදුකරන බවත් හැකි ඉක්මනින් පොල්ස්පතිවරයා අත්අඩංගුවයට ගනු ඇතැයි ආණ්ඩුව විශ්වාසයෙන් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එම පොලිස්පති තුමා කළ වරදක් ගැන අපි නොදනිමු. ඔහු බිය නැති එඩිතර නලධාරියෙක් වග පමණක් පුවත්වලන් කියවා ඇත්තෙමු. දැන් දැන් සිදුවන දේවල ගැන එ තරම් පැහදිලි අවබෝධයක් නැත. අධිකලෙස මාලිමා එන්කෙෆලයිටිස් රෝගයෙන් පෙළෙන අසරණයන් ට සතුටු වී අකුසල් ගොඩ ගසා ගැනීමට නම් හැකිය. මට අවශ්‍ය වන්නේ රටට හොඳක් වන අතරම කිසිවෙකුත් කිසිවෙකුගෙන් පළි නොගන්නා පරිසරයකි.
ඇත්තටම එම හිටපු පොලිස්පතිතුමා මීට කලින් අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුකොටගෙන පොලිස්පතිධුරය අහිමි වූවෙක්. දැනුත් අත්අඩංගුවට ගැනීමට හොයන්නේ, මීට වසර කිහිපයකට ඉහත සිදුවීමක් මුල්කරගෙන අධිකරණ වරෙන්තුවක් නිසාවෙනි. මේ කිසිම දෙයක් වත්මන් ආණ්ඩුව මූලික කරගෙන ආරම්භ වූ දේවල් නොවන බව අවබෝධ කරගන්න. වැරැදි වටහාගැනීම් නිසා මාලිමා එන්කෙෆලයිට්ස් රෝගය වැළඳිය හැකියි. මෙම රෝගය වැළඳුන අයෙකුට නිට්ටාවටම සනීප කළ නොහැකිය...!
පොලිස්පති හොයාගන්න බැරි රටේ, දැන් සොයන අපරාධ සිද්ධකළ කාන්තාව සොයාගනීද?
රම්බොඩ, එම වරද ඔබේ ඔය කුහක මොලය නොදැනගත්තාට, අධිකරණය දැනගත්තාම අපිට ඇති...
මේවා තමයි ලෝක විහිලු, කවදා අහපු කතාද මේ?
මහත්තයෝ ඉස්සරවෙලා කෙල්ලව අල්ලගන්න.
ඕකා හොරා වහා අත්අඩංගුවට ගන්න
දේශබන්දු අවංක, එඩිතර පුද්ගලයෙක් නම් බය නැතිව ඇවිල්ලා චෝදනාවකට මුහුණ දීලා නිර්දෝශී බව ඔප්පු කරන්න පුළුවන්නේ. අධිකරණය මගහරිමින් හැංගි හැංගි ඉන්නේ නැතිව.
අධිකරණයෙන් අවසරයි. අධිකරණය වුනත් කැකිල්ලේ තීන්දු දෙන්නේ නැත්නම් එච්චරයි අපිට ඕනෑ. මතක විදිහට නම් මේ පොලිස් නිලධාරියාව ඔහු පොලිසියේ කියලා දැනගෙන වෙඩි තිබ්බේ නෑ. ඔහු කොළඹින් ආපු කට්ටිය එක්ක ආවේ. ඔවුන් තමන් එහෙම සිවිල් ඇඳුමින් එන බවක් වැලිගම පොලිස් බල ප්‍රදේශයට දන්වා තිබුණේ නෑ. කොළඹින් ආපු කට්ටිය වැලිගම හෝටලයකට වෙඩි තබද්දී ඒ ආරංචිය ලැබිලා ආපු වැලිගම පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසුණු අය සිටි වෑන් එකේ හිටි අයට වෙඩි තිබ්බේ ඔවුන් පොලිසිය බව නොදැන කියලයි ඒ කාලයේ නිව්ස් වලට කිව්වේ. ඉතින් කවුද හරි කවුද වැරැදි කියලා අපි දන්නේ නෑ. නමුත් දේශබන්දු අත්අඩංගුවට ගන්නේ කට්ටි දෙකම ඔහුගේ යටතේ නිසාද නැත්නම් කාගේ පැත්තට ඔහු සිටි නිසාද කියලා අපිට පැහැදිලි නෑ. ගරු අධිකරණය ඔය ටිකත් කියනවා නම් කැමැතියි.
කාගෙ හරි හිටපු ඇමැති කෙනෙකුගේ ගෙදරක ඇති
අන්දරේට කතිරෙ ගහලා කරගත්තු හරියක්...
රනිල් රාජපක්ෂලාගේ ගෙවල් පරීක්ෂා කරන්න.