IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස්පති පත් කළේ වැරැදි පාරෙන්

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය විකෘති කරලා කතානායකතුමා ජනාධිපතිතුමාට යවපු ලියුම මම මේ සභාවට ඉදිරිපත් කරනවා. මේක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන ජනාධිපතිතුමා පොලිස්පති පත් කිරීම නීති විරෝධීයි. ඔහු  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කළේ. අගමැතිතුමා මේක දන්නවා අගමැතිතුමාට මේකට උත්තර දෙන්න බැහැ. කථානායකතුමාත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. ඒ ගැන ගන්නා පියවර කුමක්ද. ජනාධිපතිතුමා හොඳ දැන උගත් පුද්ගලයෙක්. මේ තුට්ටු දෙකේ ලියුමට පොලිස්පති  පත්කිරීම කරනවද?



අදහස් (4)

පොලිස්පති පත් කළේ වැරැදි පාරෙන්

රංබොඩ Wednesday, 24 July 2024 12:29 PM

පොලිස්පතිතුමා පාතාලය සහ කුඩ්ඩන් මැඩලන්න කරන ව්‍යායාමය කාටකාටත් රිදිිලා තියෙන්නේ... හිතාගන්න පුළුවන්නේ හේතුව...

:       39       11

Chandana Wednesday, 24 July 2024 12:40 PM

ඔබ හරි විපක්ෂ නායකතුමා... මේ තමයි වැරැදි හොය හොය අදින්න වෙලාව...! දෙකයි පනහේ වැඩ. යුක්තිය අඩපණ කිරීමට තෝරු මෝරු වෙන කුඩු කාරයින් වෙනුවෙන්...

:       36       9

Muthu Wednesday, 24 July 2024 01:51 PM

මෙයා වැඩක් කරොත් එතැන ඉවරයි. මේ පොලිස්පති විතරයි දැනෙන වැඩක් කරේ. පොලිසිය කාමරෙන් එළියට ගත්තා. අනික් සේරම පුටු රත් කරපු අය...! 

:       31       10

Nimesh Wednesday, 24 July 2024 03:08 PM

යුක්තිය මෙහෙයුම කියන්නේ තනිකරම ඇස් බැන්දුමක්, ලංකාවටම කුඩු ගෙන්වන මහාපරිමාණ කුඩ්ඩාව තමයි අර 2022 දී ඇප දීලා පිටරටක පැනලත් යනකන් මේ ගොල්ලෝ දැක්කේ නැහැ වගේ හිටියේ, දැන් මිනිහා තමයි කුඩු වලින් මුළු රටම වනසන්නේ...!

:       2       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site