IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

පොලිස්පති දේශබන්දුට ධූරය වළක්වමින් අතුරු තහනමක්

(රන්ජන් කටුගම්පොල)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරය දැරීම බලතල භාවිතය සහ එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය මේ සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සමේ විභාගය අවසන් වන තෙක් බල පැවැත්වේ.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සුදුස්සකු නිර්දේශ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ දෙශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම වළකාලන ලෙස නියෝගයන් නිකුත් කරන ලෙස ඉල්ලා  ගොනුකර තිබූ පෙත්සම් විභායට ගැනීමට අවසර ලබා දෙමිනි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයටපත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් විසින් උල්ලංඝනයක කර ඇත්දැයි සොයා බැලීමට විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ පොලිස්පතිවරයකු සිය ධූරය කටයුතු කිරීමේ වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව බවද අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟතාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසිනි.

------------------------------------------

-----------------------------------------------------

(රන්ජන් කටුගම්පල)

පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරයේ කටයුතු  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම්  නියෝගයක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා  ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට ඇත.

අදහස් (15)

පොලිස්පති දේශබන්දුට ධූරය වළක්වමින් අතුරු තහනමක්

sachith Wednesday, 24 July 2024 10:06 AM

පාලකයෝ සහ බත්බැලයෝ මොන පිස්සු කරත් අදටත් ශ්‍රේෂ්ඨාධිකරණය ගෞරවය තියාගෙන සාමාන්‍ය මනුස්සයන්ගේ පැත්තේ ඉන්නවා කියන එකට හොඳටම උදාහරණයක්

:       165       77

lankaputha Wednesday, 24 July 2024 10:10 AM

මේ තමයි අහන්න ලැබුණු හොඳම ආරංචිය. පොලිස්පතිවරයාගේ මාධ්‍යවේදියෙක්, හිටපු හාමුදුරු කෙනෙක්, මානව සම්පත් කඩකරන්නෙක්... ඒත්... පොලිස්පතිවරයෙක් නැතිව අපිට මැතිවරණය තියන්න පුළුවන්ද? මෙය සැබෑ නාට්‍යයද?

:       237       87

Ariyathilaka Wednesday, 24 July 2024 11:18 AM

කඩයක බඩු බිකිණීමෙන් කඩේ බඩු අඩු වෙනවා. ඇතැම් බඩු සියල්ල විකිණී අවසන් වෙනවා. අඩු වූ බඩු කඩ හිමියා විසින් කඩයට සම්පාදනය කරනවා. සමහර බඩු කැඩෙනවා. ඇතැම් බඩු නරක් වෙනවා. කල් ඉකුත් වූ පසු ඒ බඩු ද විකිණිය නොහැකියි. බඩු ගන්නවා. බඩු විකිණෙනවා.කැඩුණු, බිඳුනු, නරක් වූ සහ කල් ඉකුත් වූ බඩු කඩයෙන් ඉවත් කරනවා, අඩු බඩු නැවත නැවතත් කඩ හිමියා පුරවනවා. කඩය වැහෙන්නේ නැත. කඩයත්, බඩුත්, වෙළදාමත් පවතිනවා. කඩ හිමියාගේ ලාභය ද පාරිභෝගිකයාට සේවය ද සිදු වෙනවා. එක් පුද්ගලයෙක් අඩු වූ පමණින් ලෝකයේ කුමන රටේ ද රාජ භට සේවාව අකර්මන්‍ය වූයේ. ඉතිහාසයේ එවැනි හිතළුවක්වත් නැත.

:       122       60

Pradeep Wednesday, 24 July 2024 08:21 PM

පොලිස්පතිවරයෙකු නැතුව ජනාධිපතිවරණය පැවැත්වීමට ගැටළුවක් ඇත්තේම නැහැ.. මොකද ඒ වනවිට වැඩබලන පොලිස්පති කෙනෙක් පත්වෙලා ඉන්න පුළුවන්. එවිට වැඩබලන පොලිස්පතිට මැතිවරණ කටයුතු කරන්න පුළුවන්ද අසාවි...? එහෙම නම් චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ (1998-2002 කාලයේ) මැතිවරණයක් වැඩබලන මැතිවරණ කොමසාරිස් කෙනෙක් යටතේ පැවැත්වීම කළා.. එහෙම කළේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා තාවකාලිකව නිවාඩු යවා වැඩබලන මැතිවරණ කොමසාරිස් කෙනෙක් පත්කිරීමෙන් තමයි වැඩබලන මැතිවරණ කොමසාරිස් වුනේ ගම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට සබරගමුව පළාත් සභාවෙ හිටපු ප්‍රධාන ලේකම් D.M.P.B. දසනායක මහතා තමයි. එහෙම නම් වැඩබලන පොලිස්පති යටතේ මැතිවරණ පැවැත්වීම ගැටලුවක් වෙන්නේ කොහොමද?

:       0       0

Ajantha Wednesday, 24 July 2024 10:16 AM

ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි

:       168       141

සෙනෙවිරත්න Wednesday, 24 July 2024 10:25 AM

බොරුවට සුදන වගේ පුම්බගෙන, ඒ මදිවට පොලිස් ඇමතිත් අන්දගෙන හිටපු කාලෙ ඉවරයි. මෙයා මෙම තත්ත්වයේ සිටීම සාධාරණ මැතිවරණයකට බාධාවක්. මොනව නැතත් මැයි නමය ගෝල්ෆේස් අරගලයට පහර දෙන්න ඉඩදුන්නෙ මෙයා, ඒකෙන් රටේ වෙච්ච විනාශයට අනියමින් වගකිවයුතු වන්නෙත් මෙයා තමා

:       166       131

සෙනෙවිරත්න Wednesday, 24 July 2024 10:26 AM

ආගම පොලීසිය ගාවගෙන මං උපාසක කිව්වට අතීතය දන්නව, ඒක වහන්න බැහැ. ආගම පොලිස්යට රිංගවන්නෙ ආගමට ඇති භක්තියෙන් නෙවේ.

:       128       76

Lakmal Wednesday, 24 July 2024 10:45 AM

දැන් සැපද

:       129       83

සාම Wednesday, 24 July 2024 01:28 PM

දැන් පොලිස්පති කෙනෙක් නැති නිසා චන්දේ තියන්න බෑ..අනිවාර්යයෙන් කල් දාන්න වෙනවා.. කොහොමද රනිල්ගේ මොලේ

:       114       19

sam Wednesday, 24 July 2024 01:38 PM

ලංකා ඉතිහාසයේ මෙතෙක් හිටපු අපකීර්තිමත්ම පොලිස්පති. ඒ වගේම තමයි එයාගේ නැති ගුණ කිය කියා බේරාගන්න උත්සාහ කරන අපකීර්තිමත්ම පොලිස් ඇමති.

:       140       74

shantha Wednesday, 24 July 2024 01:38 PM

දේශබන්ධු බොරු රාලහාමි ඉවරයි. ඔය වගේ අපතයින්ව තරු පටි ඔක්කොම ගලවලා *** පයින් ගහලා එලියට දාන්න ඕනා.

:       101       67

රම්සි Wednesday, 24 July 2024 04:24 PM

මේකට තමයි ටොමියෝ දකුණෙ කෝලම් නැටුං වල ‘පොලිස් කෝලම’ කියන්නෙ.

:       79       35

ජගත් ලියනගේ Wednesday, 24 July 2024 09:42 PM

දැන්වත් නම්බුපිටින් ගෙදර යන්න .

:       0       0

Lelwala Friday, 26 July 2024 08:33 AM

පෘතුගිසින් තවමත් ලංකාවේ ආධිපත්‍යයට බලපෑම් කරනව වගේ පේන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site