
(රන්ජන් කටුගම්පොල)
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සිය ධූරය කටයුතු කිරීම වළකාලන අතුරුනියෝගයන් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මෙම මස 24 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමි සලකා බැලීමෙන් පසුවය.
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ මහින්ද සමය වර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
පුරා දින හයකට අධික කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු ර සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) රාත්‍රී නමයට පෙත්සම සම්බන්ධ කරුණු සලකා බැලීම අවසන් කෙරිණ .
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් විසින් ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති තනතුරට එරෙහි නඩුවේ තීන්දුව දෙන්න දිනයක්