(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය 48 දී සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.
ජනාධිපතිතුමා එහි පත්කිරීම ඉතා ඉක්මනින්ම කරාවි.කලබලයක් නැහැ. පොලිසියේ සේවාව සාමාන්‍ය පරිදි කරගෙන යනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. පොලිස්පති පත් කිරීම ඉදිරි පැය ගණනාව තුළ සිදුවෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
පොලිස්පති ඉතා ඉක්මනින් පත් කරනවා කියලා කිව්වා. නමුත් ඒ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාථ වෙන්න ඕන. නමුත් ව්‍යවස්ථාදායක ලබන සතියේ හම්බවෙන්නෙත් නෑ. හම්බ වෙන්නේ ඊළග සතියේ. අගමැතිතුමා කිව්වට හෙට අනිද්දා මේක වෙන්නේ නැහැ. පොලිස්පතිවරයකු නැතුව තමයි රජය වැඩ කටයුතු කරන්නෙ.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
රටේ පොලිස්පතිවරයකු දින 12 ක් නැහැ. පොලිස්පතිවරයෙකු නැති රටක්. සාමූහික ඝාතන වැඩි වශයෙන් තියෙන අවස්ථාවක රටේ පොලිස්පතිවරයෙකු නැහැ.මේක ඉතිහාසයේ වෙච්ච නැති ප්‍රමාදයක්. ඒ වගේම නීතියේ ආධිපත්‍යය නොසලකා හැරීම පිළිබඳ ගැටලුවක් මෙතන තියනවා. මේක බරපතළ පරිපාලන ගැටලුවක්. ජනාධිපතිතුමා පොලිස්පති තනතුරට නාම යෝජනාවක් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනෑ. එන්න තියෙන කෙනා අපිට අදාල නෑ. ඉදිරි පැය 48 ඇතුළත මේ ගැන තීන්දුවක් ගන්න.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති ගැන අගමැතිගෙන් පොරොන්දුවක්