IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය

(විමුක්ති එස් රුද්‍රිගු)

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් පරාජයට පත් කර ඇත.

ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාවේ හිත මිතුරන් වන ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළුව රටවල් 12 ක් ඡන්දය ලබා දී ඇති අතර සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී ඇත.යෝජනාවට පක්ෂව රටවල් 12 ක් ඡන්දය ලබාදුන්නත් ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් යෝජනාව පරාජයට පත් කළේය.

යෝජනාව සම්මත වූවේ නම් සාමාජිකයන් 193 දෙනෙකු සිටින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 194 වැනි සාමාජිකයාවීමට පලස්තීනය නිර්දේශ වීමට හැකියාව තිබිණි.

රටවල් 140 දැනටමත් පලස්තීනය රටක් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් එලෙස නිර්දේශ වූවානම් නිශේධ බලයක් නොමැති මහා මණ්ඩලයේ නිසැකවම 194 සාමාජිකයා වීමට පලස්තීනයට අවස්ථාව තිබිණි.

ඇමෙරිකාව නිශේධ බලය භාවිත කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති රොබර්ට් වුඩ් ප්‍රකාශ කර සිටියේ නිශේද බලය භාවිත කිරීම පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට විරුද්ධ වීමක් නොවන බවත් නමුත් එය සිදුවිය යුත්තේ පාර්ශ්වයන් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසුව බවත්ය.

 



අදහස් (5)

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය

sam Friday, 19 April 2024 09:40 PM

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති රොබර්ට් වුඩ් ප්‍රකාශ කර සිටියේ නිශේධ බලය භාවිතා කිරීම පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට විරුද්ධ වීමක් නොවන බවත් නමුත් "එය සිදුවිය යුත්තේ පාර්ශ්වයන් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසුව" බවත්ය. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාව අවහිර නොකළ යුතුවේ. අනාගතයේදී ජන අනුපාතය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (security council) සංයුතිය වෙනස් විය යුතුවේ... එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193 ගෝලීය අර්බුද සහ කම්පනවලදී වර්තමානයට වඩා වැඩි වගකීමක් සහ වගවීමක් සහිතව මානුෂීයව කටයුතු කළහැකි ආකාරයට වර්තමාන ලෝකයට ගැලපෙන ආකාරයට ප්‍රතිපත්තීන් වෙනස් විය යුතුවේ...!

:       0       0

Nihal Friday, 19 April 2024 09:57 PM

පලස්තීනය ඇතුලු දුප්පත් රටවල්වලට විශාල ප්‍රමාණයකට විනාශයක් කරන, මැරබලය යොදන දුෂ්ඨ රටකි...!

:       0       1

Prabha Friday, 19 April 2024 10:03 PM

ඇමෙරිකාව දන්නේ එකම රසයි... ඒ ලේ රස...!

:       0       1

Bamunuarachchi Saturday, 20 April 2024 01:33 AM

නියමයි, ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට ලෝකේ කොතැනක්වත් ඉඩදෙන්න එපා.

:       1       3

Bernard Dharmatileke Saturday, 20 April 2024 12:39 PM

ඇමෙරිකාවේ යුදෙව්වන්ට ඇමෙරිකාවෙන් බිම් කෑල්ලක් දුන්නා නම් ප්‍රශ්න ඉවරයි. මැදපෙරදිග සාමයට තියෙන ලොකුම බාධකය ඊශ්‍රායලයයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site